Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 15 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සුහඟ විජේවර්ධන (126) ශතකයක් රැස්කරමින් පිත්තෙන්ද චමිඳු විජේසිංහ සහ උමෙෂ්ක දිල්ශාන් කඩුලු 6 බැගින් දවාගනිමින් කොළඹ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.
ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(මදුයිත ලක්ෂාන් 57, විහාන් ගුණසේකර 51, චමිඳු විජේසිංහ 21/4, උමෙෂ්ක දිල්ශාන් 22/4)
නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.1 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(සුහඟ විජේවර්ධන 126, අවිශ්ක පෙරේරා 33, ලක්ෂිත රසාංජන 33, චමිඳු විජේසිංහ 28, රනිඳු ද සිල්වා 24, රුසිරු ද සිල්වා 20, මෙතුෂාන් කුමාර 68/5, සඳරු චන්දිත 34/2)
ඩි.එස්.සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(තුවින් ලක්ෂණ 40, ටිරෝන් බාස්කරන් 21, රවීන් ද සිල්වා 24/3, කවීශ් මදුරප්පෙරුම 28/3, උමෙෂ්ක දිල්ශාන් 20/2, චමිඳු විජේසිංහ 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.