Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාච්චදූව ප‍්‍ර. ලේ. කාර්යාල කි‍්‍රකට් තරග

නාච්චදූව ප‍්‍ර. ලේ. කාර්යාල කි‍්‍රකට් තරග

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාච්චදූව ප‍්‍රදේශිය ලේකම් කාර්යාල කි‍්‍රකට් සංගමය සංවිධානය කරන සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 22, 23 සහ 27 යන දින වල අනුරාධපුර, නෙළුබෑව නෙළුම් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

නාච්චදූව ප‍්‍රදේශිය ලේකම් ජේ. ඩබ්. ඒස්. කිත්සිරි මහතාගේ අදහසක් පරිදි පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරග 22 සහ 23 යන දින වලදීද, අවසන් මහ තරගය 27 වැනිදාද පැවැත්වීමට නියමිතය.

අවසන් මහ තරගයේ ආරාධිත අමුත්තන් වශයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ සහ අනුරාධපුර මහ දිසාපති  මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 15,000 ක්ද, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 10,000 ක්ද පිරිනැමෙන අතර තරගාවලියේ වීරයාටද මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.

දුරකථන අංක 025 2225097 ඔස්සේ ජයතිලක මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳව වැඩි විස්තර දැනගත හැක.

 

036


අදහස් (0)

නාච්චදූව ප‍්‍ර. ලේ. කාර්යාල කි‍්‍රකට් තරග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.