Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීයාස් අයියර් (65) සහ රිද්දිමාන් සාහාගේ (නොදැවී 61) අර්ධ ශතක හමුවේ කාන්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (28 වැනිදා) නවසීලන්තයට ලකුණු 284 ක ඉලක්කයක් ලබාදීමට ඉන්දීයාවට හැකිවිය.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම ලකුණු 234 කට කඩුලූ 7 ක් දැවී තිබියදී ඉනිම අත්හිටුවා නවසීලන්තයට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. ඉනිම අවසන් කරන විට රිද්දිමාන් සාහා නොදැවී ලකුණු 61 ක් සහ අක්සාර් පතෙල් නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
පන්දු 125 කට මුහුණදුන් ශ්‍රීයාස් අයියර් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 65 ක්ල ලබාගත් අතර රිද්දිමාන් සාහා පන්දු 126 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් ලබාගැනීමට සමත්විය.
ලකුණු 51 කට කඩුලූ 5 ක් දැවී තිබියදී රවිචන්ද්‍රන් අශ්වින් සමගින් එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවයක්ද, රිද්දිමාන් සාහා සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 64 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් ඉන්දීය දෙවැනි ඉනිම ගොඩනැගීමට ශ්‍රීයාස් අයියර් සමත්විය. ඊට අමතරව රිද්දිමාන් සාහා සමගින් එක්ව 8 වැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අක්සාර් පතෙල් සමත්විය.
කයිල් ජේමිසන් සහ ටිම් සෝතී කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 284 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට සිව්වැනි දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 4 කට කඩුල්ලක් අහිමිකර ගත්තේය.
ඉන්දීය පළමු ඉනිම - සියලූදෙනා දැවී 345
නවසීලන්ත පළමු ඉනිම - සියලූදෙනා දැවී 296
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 234
(චෙතේෂ්වර් පුජාරා 22, ශ්‍රීයාස් අයියර් 65, රවිචන්ද්‍රන් අශ්වින් 32, රිද්දිමාන් සාහා නොදැවී 61, අක්සාර් පතෙල් නොදැවී 28, කයිල් ජේමිසන් 40/3, ටිම් සෝතී 75/3)
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 4
(ටොම් ලේතම් නොදැවී 2, විලියම් සමර්විලී නොදැවී 0)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.