Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය ලකුණු 94 ක් ඉදිරියෙන්
ලීඩ්ස් ටෙස්ට් තරගය

නවසීලන්තය ලකුණු 94 ක් ඉදිරියෙන්

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුල්ලක් දැවී ලකුණු 125 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් තවත් කඩුලු 9 ක් ඇතැතිව එංගලන්තයට වඩා ලකුණු 94 ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු ටොම් ලේතම් හතරේ පහර 12 ක් සමග ලකුණු 76 ක්ද, නායක කේන් විලියම්සන් හතරේ පහර 6 ක් සමග ලකුණු 37 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ.

නවසීලන්ත දෙවැනි ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විට ආරම්භක පිතිකරු විල් යංග් පිටියෙන් ඉවත් කිරීමට මැටි පොට්ස් සමත් විය. ඔලි පෝප් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට යංග් හතරේ පහර 2 ක් සමග ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.

දෙවැනි දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටි එංගලන්තය, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 96 ක් එක්කර ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ජොනී බෙයාස්ටෝ හතරේ පහර 24 ක් සමගින් ලකුණු 162 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 55 කට කඩුලු 6 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී ජැමී ඕවර්ටන් (97) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 241 ක සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්ත ඉනිම ගොඩනැගීමටද බෙයාස්ටෝ සමත් විය. ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ශතකය පෙනි පෙනී දැවී යන විට ඔවර්ටන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත වී තිබිණ.

ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ ස්ටුවට් බ්‍රෝඩ් පන්දු 36 කින් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. එහිදී ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 4 ක්ද, ටිම් සවුති කඩුලු 3 ක්ද, නීල් වැග්නර් කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 329
එංගලන්ත පලමු ඉනිම - සියලු දෙනා දැවී 360

(ජොනී බෙයාස්ටෝ 162, ජැමී ඔවර්ටන් 97, ස්ටුවට් බ්‍රෝඩ් 42, ටේ‍රන්ට් බෝල්ට් 104/4, ටිම් සවුති 100/3, නීල් වැග්නර් 75/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 125
(ටොම් ලේතම් නොදැවී 76, කේන් විලියම්සන් නොදැවී 37)

-036


අදහස් (0)

නවසීලන්තය ලකුණු 94 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.