Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය ලකුණු 248 කට සීමාවෙයි

නවසීලන්තය ලකුණු 248 කට සීමාවෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ ආක‍්‍රමණශීලී ශතකය මත හැමිල්ටන් නුවර සෙඩාන් උද්‍යාන ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් නවසීලන්තය  ඕවර 50 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 248 ක් රැස්කිරීමට සමත්විය.

සචිත‍්‍ර සේනානායක යැවූ අවසන්  ඕවරයේ අවසන් පන්දුවට ටෙ‍්‍රන්ට් බෝල්ට් ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව ලොග්න්  ඕන් කලාපයේ සිටි ළහිරු තිරිමාන්න උඩපන්දුවක් ලෙසින් රැුක ගැනීමත් සමග නවසීලන්ත ඉනිම නිමාවට පත්විය.

තරමක මන්දගාමී ස්වරූපයක් ඉසිලූ සෙඩාන් උද්‍යාන තණතීරුවේ දෙපිලෙහිම පිතිකරුවන්ට ප‍්‍රිය උපදවන ආකාරයට හතරේ සීමාව තරමක් කෙටි කර තිබීම කැපී පෙනුණි.

මාටින් ගප්ටිල් (10) සමග ඉනිම ආරම්භ කළ නවසීලන්ත නායක මැකලම් පිටියට පැමිණි මොහොතේ සිටම ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කරවමින් සිය පිතිහරඹය වේගවත් කළේය. පළමු කඩුල්ලට ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් අනතුරුව එක්වූ ටොම් ලේතම් ලකුණු 5 කට දැවී ගිය ද ඔහු සමග  එක්ව ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටත් මැකලම් සමත්විය.

තිසර පෙරේරා යැවූ නවසීලන්ත ඉනිමේ 12 වැනි  ඕවරයේ දැඩි ප‍්‍රහාරයක් දියත් කළ මැකලම් හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කරමින් එම  ඕවරයේ දීම සිය අර්ධ ශතකය වාර්තා කළේය. ඔහුගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 39 කදීය.

මැලකම්ගේ ශතකය වාර්තා වූයේ ද තිසර පෙරේරාගේ පන්දුවකට ගැසූ හතරේ පහරකිනි. එය ඔහුගේ පස්වැනි එක්දින ශතකය විය. ඔහු එක්දින ශතකයක් වාර්තා කළේ තරග 35 කට පසුව විම විශේෂත්වයකි.

ලේතම්ගේ දැවීයාමෙන් පසුව රොස් ටේලර් පිටියට පැමිණි මොහොතේ සිට පිතිහරඹයේ නිරතවූයේ වැඩි විශ්වාසයකින් තොරවය. දෙදෙනා අතර කඩුලූ අතර දිවායාම අවස්ථා කිහිපයකදිම සිදුවූයේ අවබෝධයකින් තොරවය.

සචිත‍්‍ර සේනානායක යැවූ 28 වැනි  ඕවරයේ පළමු පන්දුවෙන්ම මැකලම් දුවද්දී දැවීයාමකට හසුකර ගැනිමට තිබූ අනගි අවස්ථාවක් ශ‍්‍රී ලංකා පිල අහිමි කරගත්තේය. ටේලර් විසින් ෂෝට් ලෙග් කලාපයට පන්දුව තල්ලූ කරන ලද නමත් ලකුණක් කරා යාම ප‍්‍රතික්ෂේප කළේය.  ඒ වනවිටත් මැකලම් පන්දු යවන්නාගේ සීමාවේ සිට අඩි කිහිපයක් දිව එමින් සිටියේය. ලකුණු 104ක් ලබා සිටි මැකලම් ආපසු හැරී දිව ගිය අතර ඔහු නූලෙන් ගැලවුණේ ළහිරු තිරිමාන්නට නිවැරැුදිව සේනානායක වෙත පන්දුව යොමු කිරිමට නොහැකිවූ බැවිනි.

මැකලම් දැවී ගියේ ජිවන් මෙන්ඩිස් යැවූ පන්දුවකට ඔහු වෙතටම පෙරළා උඩපන්දුවක් ලබාදීමෙනි. ඒ වනවිට දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි.

මැකලම්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඩැනියෙල් වෙටෝරි (7), කොරී ඇන්ඩර්සන් (5), ලූක් රොන්කි (0) සහ නේදන් මැකලම් (13) සිවුදෙනාම දුවද්දී දැවීයාමට හසුවීම කැපී පෙනුණි. ලකුණු 49 ක් තුල කඩුලූ 5ක්ම එසේ බිඳ වැටිමෙන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් එක්ව නවසීලන්ත ඉනිම ගොඩනැගූහ.

අද තරගයේ දී ශ‍්‍රී ලංකා පිලේ සිදුවූ එකම වෙනස්කම වූයේ වේගපන්දු යවන ක‍්‍රීඩක ෂාමින්ද එරංග වෙනුවට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන රංගන හේරත් ඇතුළත්වීමය.

සිය පවුලේ සාමාජිකයකුගේ රෝගී තත්ත්වයක් මත ග‍්‍රාන්ට් එලියට්ට නිවාඩු දී තිබූ අතර ඔහු වෙනුවට කණ්ඩායමට එක්වූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක ඩැනියෙල් වෙටෝරි පිතිකරු ලැයිස්තුවේ අංක 5 ස්ථානයට උසස්වීමක් ලැබීමද විමතියට හේතුවක් විය.  

උරහිසේ ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට රෝස් ටේලර් ද, වේගපන්දු යවන මැක්ලෙනගන් වෙනුවට මෙවර ලෝක කුසලාන තරගමාලාව සඳහා නම් නොකළ මැට් හෙන්රි ද අද තරගයට ක‍්‍රීඩා කරති.


අදහස් (0)

නවසීලන්තය ලකුණු 248 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.