Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තට ලකුණු 186 ක ජයක්

නවසීලන්තට ලකුණු 186 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 186 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 404 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 216 ක් පමණි. මාර්ක් කැරිං කඩුලූ 4 ක් සහ ඉෂ් සෝධි කඩුලූ 3 ක්ද දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාකළහ.

නවසීලන්ත පිල තම දෙවැනි ඉනිිම සඳහා කඩුලූ 8 ක් දැවී ලකුණු 156 ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවා කොදෙව් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැුස්කළ ටෙම් ලැතම්, දෙවැනි ඉනිමේදීද ලකුණු 73 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 28 කට මුල් පෙළ කඩුලූ 3 ක් දවාගත් ජෙරම් ටේලර්, නවසීලන්ත පිලය යම් තරමක පීඩනයක් එල්ල කළේය.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉටහිර ඉන්දීය කොදෙව් පිලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 262 ක් පමණි. තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුපිරි පිතකරු කි‍්‍රස් ගේල් හතරේ පහර 11 ක්ද සමගින් ලකුණු 64 ක් රැස්කළේය.

ප‍්‍රවීන පිතිකරුවකු වන ශිවනරියන් චන්ද්‍රපෝල් ලකුණු 84 ක් ලබා ඉනිම නිමාවන තුරුම නොදැවී සිටියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් අන්තර්ගත විය. නවසීලන්ත පිල වෙනුවෙන් ටිම් සව්ති සහ මාර්ක් කැරිං කඩුලූ 4 බැගින් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් අසරණ කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 508 ක් ලබා සිටියදී ඉනිම අත්හටුවා බටහිර ඉන්දීය කොදෙව් පිිලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය

මෙම තරගයේදී තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ශතකය රැස්කල කේන් විලියම්සන් (113), එය හතරේ පහර 11 කින් අලංකාර කළේය. ඔහුට එම ඉනිම ගොඩ නැගීම සඳහා වැයවූ පන්දු ගණන 263 කි.

තරගයේදී වාර්තා වූ දෙවැනි ශතකයට හිමිකම් කීමට ජිමී නීෂම් (107) සමත්වූ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්විය. නීෂම් සහ ටොම් ලැතම් අතර 6 වැනි කඩුල්ල සඳහා ඇතිවූ සම්බන්ධතාව ලකුණු 201 කි.

ටොම් ලැතම් (83), රොස් ටේලර් (55) සහ ජෝන් වෙට්ලින් (89) නවසීලන්ත පිල වෙනුවෙන් පළමු ඉනිමේදී අර්ධ ශතක ලබාගත්හ.

නවසීලන්තය පිල පළමු ඉනිම ඕවර 174.3 කදී කඩුලූ 7 කට 508
(ටොම් ලැතම් 83, කේන් විලියම්සන් 113, රොස් ටේලර් 55, ජිමී නීෂම් 107, ජෝන් වෙට්ලින් 107ටමි සවුති නොදැවී 21, සුලීමන් බෙන් 142/3, ෂේන් සීලින්ෆෝඞ් 145/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 81.2 කදී සියලූ දෙනා දැවී 262
(කි‍්‍රස් ගේල් 64, කිරන් පවෙල් 28, ශිවනරියන් චන්ද්‍රපෝල් නොදැවී 84, දිනේෂ් රැම්ඩින් 39, සුලෙයිමන් බෙන් 17, ටිම් සව්ති 19/4, මාර්ක් කැරිං 91/4)

නවසීලන්තය පිල දෙවැනි ඉනිම ඕවර 60.5 කදී කඩුලූ 8 කට 156
(ටොම් ලැතම් 73, බ්‍රෙන්ඩන් මැකලම් 17, ජිමී නීෂම් 20, බෙන් වෙට්ලින් නෙදැවී 22, ජෙරම් ටේලර් 28/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 216
(ශිවනරියන් චන්ද්‍රපෝල් 24, දිනේෂ් රැම්ඩින් 34, කේමර් රෝච් 19, ජෙරම් ටේලර් 18, සුලෙයිමන් බෙන් 25, ෂේන් ශීලින්ෆෝඞ් නොදැවී 53, ටිම් සව්ති 32/4, මාර්ක් කැරිං 97/4, ඉෂ් සෝධි 42/3)

036


අදහස් (0)

නවසීලන්තට ලකුණු 186 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.