නවසීලන්ත ‘ඒ’ පිල ලබන මාසයේ එයි
තරග 5 ක සංචාරයක් සඳහා නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරගාවලිය (නිල නොවන) එක්දින තරග 3 කින් සහ සිව්දින (නිල නොවන ටෙස්ට්) තරග දෙකකින් සමන්විත වේ.
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අප්‍රේල් මස 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අප්‍රේල් මස 5 වැනිදාට නියමිත පළමු එක්දින තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඉතිරි එක්දින තරග දෙක මෙන්ම නිල නොවන ටෙස්ට් තරගාවලියත් හම්බන්තොට, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සූරියවැව ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පහසුකම් තිබෙන නමුත් එක්දින තරග තුනම දිවා තරග ලෙසින් පැවැත්වෙයි.
තරග කාල සටහන
අප්‍රේල් 5 : 1 වැනි එක්දින තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 5 : 2 වැනි එක්දින තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 5 : 3 වැනි එක්දින තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 16 - 19 : පළමුවැනි නිල නොවන ටෙස්ට් තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 23 - 26 : දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
-213