Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත වි-20 නායකත්වය සවුතිට

නවසීලන්ත වි-20 නායකත්වය සවුතිට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එකම විස්සයි20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති වෙත පැවරී ඇත. මින් පෙර අවස්ථා දෙකකදී ටිම් සවුති නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා තිබේ.

ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා නවසීලන්ත නායක කේන් විලියම්සන් විවේක ගැන්වීම හේතුවෙන් විස්සයි-20 තරගයේදී නවසීලන්ත නායකත්වය සවුතිට පවරා තිබේ.

ආබාධයකට ලක්වසිටි මිචෙල් සැන්ට්නර් සහ ඊයේ (03 වැනිදා) පැවැති එක්දින තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වූ ජේම්ස් නීෂම්ද 13 දෙනෙකුගෙන් සමන්විත විස්සයි20 සංචිතයට ඇතුළත් කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගත්තේය. දණහිසේ ආබාධයක් හේතුවෙන් 2018 මාර්තු මාසයේදී ජාත්‍යන්තර පිටියෙන් ඉවත්වීමට මිචෙල් සැන්ට්නර්ට සිදුවූ අතර බංග්ලාදේශයට එරෙහිව 2017 ජනවාරී මාසයේදී ජේම්ස් නීශම් අවසන් වරට විස්සයි20 තරගයකට සහභාගී විය.

එක්දින වරම් හිමිකරගෙන සිටියද තවමත් විස්සයි වරම් ලබා නොමැති ස්කොට් කුගලේයින්ද, වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර පිටියේ දක්නට නොසිටි මාටින් ගප්ටිල් ඊයේ පැවැති පළමු එක්දින තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් විස්සයි20 සංචිතයට නම්කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවරගෙන ඇත.

කේන් විලියම්සන්ට අමතරව ට්‍රෙන්ට් බෝල්ට් සහ කොලින් ඩි‘ග්‍රැන්ඞ්හෝම්ද විවේක ගන්වා ඇති අතර පසුගිය තරගාවලියන්හිදී ලකුණු අතර නොසියි මාර්ක් චැප්මෑන් කණ්ඩායමෙන් ඉවත්කර ඇත.

ශාරීරික යෝග්‍යතාව සුදුසු මට්ටමක නොමැති බැවින් කොරී ඇන්ඩර්සන් සහ ඇඩම් මිල්න් සංචිතයට එක්කර නොමැත.

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි20 තරගයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ඉන්දියාව සමගින් එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා සහභාගීවිමට නියමිතව ඇත.


නවසිලන්ත විස්සයි20 සංචිතය
ටිම් සවුති (නායක), ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුගලෙයින්, රොස් ටේලර්, කොලින් මුන්රෝ, ජේම්ස් නීශම්, හෙන්රි නිකොල්ස්, ග්ලෙන් ෆිලිප්ස්, සෙත් රාන්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සෙයිෆර්ට් සහ ඉෂ් සෝධී

 


අදහස් (0)

නවසීලන්ත වි-20 නායකත්වය සවුතිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.