Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත පිල ලකුණු 260 ක් ඉදිරියෙන්

නවසීලන්ත පිල ලකුණු 260 ක් ඉදිරියෙන්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව්ව  ඕවර 13 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් පිලටට වඩා ලකුණු 260 ක් ඉදිරියෙන් සිටියි. අද (11 වැනිදා) තරගයේ සිව්වැනි දිනයයි. දෙවැනි දිනයේ තරගය නතර කරන විට ටොම් ලැතම් සහ කේන් විලියම්සන් පිළිවෙළින් ලකුණු 8 ක් සහ 4 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියහ.

පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ කේන් විලියම්සන් මෙහිදී ලකුණු 2 ක් ලබා සිටියදී කේමර් රෝච්ගේ පන්දුවක් හමුවේ දැවීගිය අතර පීටර් ෆුල්ටන් ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ජෙරම් ටේලර් සමත්විය.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉටහිර ඉන්දීය කොදෙව් පිලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 262 ක් පමණි. තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුපිරි පිතකරු කි‍්‍රස් ගේල් හතරේ පහර 11 ක්ද සමගින් ලකුණු 64 ක් රැස්කළේය.

ප‍්‍රවීන පිතිකරුවකු වන ශිවනරියන් චන්ද්‍රපෝල් ලකුණු 84 ක් ලබා ඉනිම නිමාවන තුරුම නොදැවී සිටියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් අන්තර්ගත විය. නවසීලන්ත පිල වෙනුවෙන් ටිම් සව්ති සහ මාර්ක් කැරිං කඩුලූ 4 බැගින් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් අසරණ කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 508 ක් ලබා සිටියදී ඉනිම අත්හටුවා බටහිර ඉන්දීය කොදෙව් පිිලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය

මෙම තරගයේදී තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ශතකය රැස්කල කේන් විලියම්සන් (113), එය හතරේ පහර 11 කින් අලංකාර කළේය. ඔහුට එම ඉනිම ගොඩ නැගීම සඳහා වැයවූ පන්දු ගණන 263 කි.

තරගයේදී වාර්තා වූ දෙවැනි ශතකයට හිමිකම් කීමට ජිමී නීෂම් (107) සමත්වූ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්විය.

නීෂම් සහ ටොම් ලැතම් අතර 6 වැනි කඩුල්ල සඳහා ඇතිවූ සම්බන්ධතාව ලකුණු 201 කි.

ටොම් ලැතම් (83), රොස් ටේලර් (55) සහ ජෝන් වෙට්ලින් (89) නවසීලන්ත පිල වෙනුවෙන් මෙම තරගයේදී අර්ධ ශතක ලබාගත්හ.

මෙම තරගය දිනේෂ් රැම්ඩින් නායකත්වය දරන පළමු තරගය වේ.

නවසීලන්තය පිල පළමු ඉනිම ඕවර 174.3 කදී කඩුලූ 7 කට 508
(ටොම් ලැතම් 83, කේන් විලියම්සන් 113, රොස් ටේලර් 55, ජිමී නීෂම් 107, ජෝන් වෙට්ලින් 107, ටමි සවුති නොදැවී 21, සුලීමන් බෙන් 142/3, ෂේන් සීලින්ෆෝඞ් 145/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 81.2 කදී සියලූ දෙනා දැවී 262
(කි‍්‍රස් ගේල් 64, කිරන් පවෙල් 28, ශිවනරියන් චන්ද්‍රපෝල් නොදැවී 84, දිනේෂ් රැම්ඩින් 39, සුලෙයිමන් බෙන් 17, ටිම් සව්ති 19/4, මාර්ක් කැරිං 91/4)

නවසීලන්තය පිල දෙවැනි ඉනිම ඕවර 13 කදී කඩුලූ 2 කට 14

036


අදහස් (0)

නවසීලන්ත පිල ලකුණු 260 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.