Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නලින් - දිලුම් පොලිසියට ජය ගෙනෙති

නලින් - දිලුම් පොලිසියට ජය ගෙනෙති

editorial - 2025 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය ඉරිදා (16 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 64 ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ විෂාද් රන්දික (නොදැවී 25) සහ කුසල් පෙරේරා (නොදැවී 27) පොලිස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

එකිනෙකාට නොදෙවෙනි දක්ෂ පන්දු යැවීමක නිරත වූ නලින් ප්‍රියදර්ෂන සහ දිලුම් සුදීර කඩුලු 9 බැගින් බිඳහෙළමින් ඒස් කැපිටල් ඉනිම් කණ්ඩායමේ පිතිකරුවන් අසරණ කළහ. එහිදී පොලිස් කණ්ඩායමේ අවිෂ්ක තරිඳු (70) සහ නායක අෂේන් බණ්ඩාර (51) අර්ධ ශතක ලැබූහ. 


ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 115 
(උදයවංශ පරාක්‍රම 38, සම්මු අෂාන් 44, නලින් ප්‍රියදර්ෂන 45/5, දිලුම් සුදීර 60/5) 

පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 250  
(අවිෂ්ක තරිඳු 70, අෂේන් බණ්ඩාර 51, කුසල් පෙරේරා 36, ප්‍රියමාල් පෙරේරා 34, දිලුම් සුදීර 16, රොෂාන් ජයතිස්ස 82/6, අම්සර අතරගල්ල 21/2, වනුජ සහන් 104/2) 

ඒස් කැපිටල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 198 
(හිරාන් ජයසුන්දර 35, තනුක දාබරේ 21, සම්මු අෂාන් 36, සකුණ ලියනගේ 28, නලින් ප්‍රියදර්ෂන 78/4, දිලුම් සුදීර 89/4) 

පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 67 
(විෂාද් රන්දික නොදැවී 25, කුසල් පෙරේරා නොදැවී 27) 


අදහස් (0)

නලින් - දිලුම් පොලිසියට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.