අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 229 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ නාලන්දා මැදි විදුහලේ නඳුන් කල්හාර ශතකයක් (101) ලබාගනිමින්, ලකුණු 07 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.
නාලන්දා මැදි විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 297
(නඳුන් කල්හාර 101, දසුන් අචිර 65, මලිඳු නිම්සර 51, නෙත්සර ප්‍රනාන්දු 41/3, දිල්ෂාන් ප්‍රනාන්දු 50/3)
ශාන්ත සේවියර් විදුහල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 68
(විහඟ නඳුන් 16/4, නඳුන් කල්හාර 07/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.