වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයක් ලෙස ජෝන් කීල්ස් ‘බී’ පිල සහ මාස් යුනිචෙලා ‘බී’ පිල අතර කොළඹ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට මාස් යුනිචෙලා ‘බී’ පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා ‘බී’ පිල ඕවර 35.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී අර්ධ ශතක රැස්කළ නදීර නාවල (68) සහ ශෙහාන් ප‍්‍රනාන්දු (57), මාස් යුනිචෙලා පිලේ ජයග‍්‍රහණය ඉක්මන් කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජෝන් කීල්ස් ‘බී’ පිල, ඕවර 47 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 192 ක් ලබාගත් අතර ජෝන් කීල්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෂේන් පීරිස් නොදැවී ලකුණු 67 ක් රැස්කළේය.
ජෝන් කීල්ස් ‘බී’ පිල - ඕවර 47 කදී කඩුලූ 9 ක් දැවී 192
(හෂේන් පීරිස් නොදැවී 67, සමිත් ප‍්‍රනාන්දු 35, ලක්ෂණ අසංක 40/3, පි‍්‍රයංග කෝරලගෙදර 34/2)
මාස් යුනිචෙලා ‘බී’ පිල - ඕවර 35.2 කදී කඩුලූ 3 ක් දැවී 194
(නදීර නාවල 68, ශෙහාන් ප‍්‍රනාන්දු 57, සමිත ප‍්‍රනාන්දු 47/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.