Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

ශනුක අරවින්ද - 2018 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති 139 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (11 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහල් ක්‍රීඩකයෝ තරගය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 143 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි කවිඳු මදුරසිංහ ලකුණු 58 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටි සාන්ත තෝමස් විදුහල, අද දිනයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 227 රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. දුලිත් ගුණවර්ධන (59) සහ ශලින් ද මෙල් (57) එහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර සිතාර හපුහින්න ලකුණු 47 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

කළන පෙරේරාගේ (57/5) සහ ඩෙලන් පීරිස්ගේ (40/4) දක්ෂ පන්දු යැවීම හමුවේ රාජකීය විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. රාජකීය පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 46 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනූ රාජකීය විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මනුල පෙරේරා ලකුණු 43 කට කඩුලු 5 ක් දවාගනිමින් සාන්ත තෝමස් පළමු ඉනිම අඩ පණ කළේය.

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 64.3 කදී කඩුලු 9 ක් දැවී 166
(සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 43/5)

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 75 කදී සියලු දෙනා දැවී 178
(පසිඳු සූරියබණ්ඩාර 46, කවිඳු මදරසිංහ 37, දිමල් විජේසේකර 23, කළන පෙරේරා 57/5, ඩෙලන් පීරිස් 40/4)

සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61 කදී කඩුලු 6 ක් දැවී 227
(දුලිත් ගුණවර්ධන 59, ශලින් ද මෙල් 57, සිතාර හපුහින්න 47, මනුල පෙරේරා 45/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී 143
(කවිඳු මදුරසිංහ නොදැවී 58, තෙවිඳු සේනාරත්න 24, කමිල් මිෂාර 22, භාග්‍ය දිසානායක 18,  ඩෙලන් පීරිස් 50/3)

තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 


අදහස් (0)

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.