Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රිමා ආයතනය එක්ව සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම් අතර අවසන් මහා තරග එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) ආරම්භවූ අතර පන්දුවට පහරදෙමින් සිටින බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩාය පළමු ඉනිම සදහා කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් රැස්කර සිටියේය.
දිනය නිමාවන විට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමේ බවන්ත හරිත් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටින්නේය.
කාසියේ වාසිය දිනාගත් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම පන්දුවට පහරදීම සදහා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96 ක්පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සම්පත් නිස්සංක ලකුණු 26 කට කඩුලු 5 ක් සහ ටශීක් නිර්මාල් ලකුණු 23 කට කඩුලු 4 ක් දවාගනිමින් බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
හෙට (28 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
බස්නාහිර දකුණ - පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී ලකුණු 96
(පසිදු පැතුම් 28, චමෝද් ගිහාන් 23, සම්පත් නිස්සංක 26/5, ටශීක් නිර්මාල් 23/4)
බස්නාහිර මධ්‍යම - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 161
(බවන්ත හරිත් නොදැවී 41, ටශීක් නිර්මාල් 37, බී. මෙන්ඩිස් 34/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.