Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිශාන් - නුවනිඳු බස්නාහිර දකුණට ජය ගෙනෙති

නිශාන් - නුවනිඳු බස්නාහිර දකුණට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිශාන් ප්‍රනාන්දු (113) සහ නුවනිඳු ප්‍රනාන්දුගේ (98) විශිෂ්ට පිතිහරඹය හමුවේ වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (13 වැනිදා) පැවැති තරගයකදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 232 ක ජයක් ලබාගැනීමට බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම සමත්විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රොහාන් සංජය සහ අවිශ්ක ලක්ෂාන් කඩුලු 3 බැගින් දවාගනිමින් බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


බස්නාහිර (දකුණ) - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 326
(නිශාන් ප්‍රනාන්දු 113, නුවනිඳු ප්‍රනාන්දු 98, ජනිෂ්ක පෙරේරා 33, නිෂිත අභිලාෂ් 29, ජනිඳු ඉඳුවර නොදැවී 25, රවිඳු දර්ශණ 62/3)

ඌව පළාත - ඕවර 29.1 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(රවිඳු දර්ශණ 36, ලෙශාන් දිලුක්ෂ 20, රොහාන් සංජය 09/3, අවිශ්ක ලක්ෂාන් 09/3)

 


අදහස් (0)

නිශාන් - නුවනිඳු බස්නාහිර දකුණට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.