Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ධර්මාශෝක විද්‍යාලයේ සසිඳු මල්ෂාන් (58) සහ සනුල ගුණරත්න (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ද මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් පසිඳු රාජමුනින්ද්‍ර (53) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මාර්ක් මතායා කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.5 කදී සියලුදෙනා දැවී ලකුණු 213
(සසිඳු මල්ෂාන් 58, සනුල ගුණරත්න 50, දමිඳු දිල්ශාන් 30, මාර්ක් මතායා 48/6, මලිත් ප්‍රනාන්දු 47/2)

ද මැසිනොද් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 91.4 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(පසිඳු රාජමුනින්ද්‍ර 53, මිතුල් සෙනරත් 33, නදුන් දිල්ශාන් 31, සිහින සිතුමිණ 20, දිනුක දිල්ශාන් 30/2, කවිඳු නදීශාන් 82/2)

ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 80
(අභීත චන්ද්‍රගුප්ත 23, රොමාල් ප්‍රනාන්දු 10/3)


අදහස් (0)

ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.