Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝක විදුහලට ලකුණු 238 ක ජයක්

ධර්මාලෝක විදුහලට ලකුණු 238 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල අතර කෝට්ටේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ෂෂ කොටසේ තරගයෙන් ලකුණු 238 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය. 

එහිදී ධර්මාලෝක විදුහලේ යුගීෂ ඩිල්ෂාන් පන්දු 109 කින් නොදැවී ලකුණු 106 ක් රැස්කරමින් සහ ලකුණු 34 කට කඩුලු 8 ක් දවාගනිම්න් පිත්තෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූහ. 

ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 103 
(මධුෂ්ක නදීෂාන් ලකුණු 33, සම්පත් නිශ්ෂංක 44/5, ලිසුක දිනසාර 14/3) 

ජයවර්ධනපුර විදුහල පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 47
(යුගීෂ ඩිල්ෂාන් 14/6, කවිඳු මල්ෂාන් 12/3) 

ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 63 කදී කඩුලු 8 ක් දැවී 266 
(යුගීෂ ඩිල්ෂාන් නොදැවී 106, අෂින්ත කුමාර 50, කවිඳු මල්ෂාන් 31, සම්පත් නිශ්ෂංක 60/4)
 

ජයවර්ධනපුර විදුහල දෙවැනි ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 84  
(ඉෂාර ෂාමින්දක 16, චමෝද් සුපුන් 15, කවිඳු මල්ෂාන් 7/3, මාධව කවිඳු 14/3, යුගීෂ ඩිෂාන් 20/2) 

-036 


අදහස් (0)

ධර්මාලෝක විදුහලට ලකුණු 238 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.