Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
එහිදී ජී. ගමාරච්චි (125) ධර්මරාජ විදුහල වෙනුවෙන්ද, නෙත්මාල් ද සොයිසා (නොදැවී 113) ශාන්ත ජෝශප් වාස් විදුහල වෙනුවෙන්ද ශතක ලබා ගැනීමට සමත් වූහ.
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලු දෙනා දැවී 246
(ජී. ගමාරච්චි 125, මලීෂ රාජකරුණා 31, එන්. රත්නායක 25, කාවින්ද ලියනපතිරණ 62/4, චමත් යෂෝහාර 44/3, අචින්ත දේෂාන් 37/2)
ශාන්ත ජෝශප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී 179
(නෙත්මාල් ද සොයිසා නොදැවී 113, භානුක ජයමාන්න 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.