Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
නම්කරන ලද නායක ධනංජය ද සිල්වා ක්‍රීඩා නොකළ නමුත් ආරාධිත විස්සයි20 තරගාවලියේ පැවැති තරග දෙකම ජයගත් ‘බ්ලූස්’ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී. මෙම තරග දෙකේදීම ධනංජය ද සිල්වා ක්‍රීඩා නොකල බැවින් උපනායක ඇන්ජලෝ පෙරේරා කණ්ඩායම මෙහෙයවීය.
දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිලද ක්‍රීඩා කළ තරග 2 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන සිටියද ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ බ්ලූස් පිලට හිමිවී තිබේ.
අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඞ්ස් කණ්ඩායම් ඔවුන් සහභාගිවූ තරග දෙකම පරාජයට පත්වී ඇත. නමුත් ලකුණු ලබාගැනීමේ වේගය මත ග්‍රීන්ස් පිල තෙවැනි ස්ථානයටත්, රෙඞ්ස් පිල සිව්වැනි ස්ථානයටත් පත්ව ඇත.
මෙම තරගාවලියේ සියලුම තරග මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.