Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජයගේ ද්විත්ව ශතකය ජෝෂප් වාස්ට ජය ගෙනේ

ධනංජයගේ ද්විත්ව ශතකය ජෝෂප් වාස්ට ජය ගෙනේ

ශනුක අරවින්ද - 2015 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර තිස්ස මැදි විදුහලට එරෙහිව කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයේ තරගයේදී නොදැවී ලකුණු 216 ක් රැස්කිරීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය සමත් විය.

පන්දු 130 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 25 ක් ඇතුළත් විය. ඔහුගේ ප‍්‍රවේගකාරී ඉනිම නිසා එම තරගයෙන් ශාන්ත ජෝශප් වාස් විදුහලට ලකුණු 219 ක ජයක් ලැබිණ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 309 ක ඉලක්කයක් හඹාගිය තිස්ස මැදි විදුහලට 26.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 89 ක් පමණි.

ශාන්ත ජෝෂප් වාස් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 308
(නිපුන් ධනංජය නොදැවී 216, ඇන්ටන් චමෝද් 64, රොෂාන් සංජය 49/3)

තිස්ස මැදි විදුහල -  ඕවර 26.2 කදී සියලූ දෙනා දැවී 89
(රොෂේන් නිම්රාඞ් 32, අවිඳු ශෙහාර 13/4, නවෝද් යොහාන් 15/4)

-036

 


අදහස් (0)

ධනංජයගේ ද්විත්ව ශතකය ජෝෂප් වාස්ට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.