Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෝනි ලබන වසරේදීත් චෙන්නායි පිලටම
අයි.පී.එල් - 2022

දෝනි ලබන වසරේදීත් චෙන්නායි පිලටම

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී (2022) පැවැත්වෙන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහාත් මහේන්ද්‍ර සිං දෝනි තම කණ්ඩායමේ රඳවාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පියවර ගෙන ඇත. මේ වන විට 40 වැනි වියේ පසුවන දෝනි, මෙම වසරේ අගෝස්තු මස 15 වැනිදා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත්තේය.

ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමෙන් අනතුරුව සහභාගි වූ අයි.පී.එල්. තරගාවලියේ (2021) ශූරතාව කරාද චෙන්නායි කණ්ඩායම මෙහෙයවූ දෝනි, මේ වන විට තරගාවලි 12 කදී සිය කණ්ඩායමට ශූරතා 4 ක් සහ අනුශූරතා 5 ක් දිනා දී ඇත. ලබන වසර සඳහාද දෝනිගේ සේවය ලබාගැනීම සඳහා චෙන්නයි කණ්ඩායමේ හිමිකරුවෝ වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 12 කි.

මේ දක්වා අයි.පී.එල්. තරග 220 කට කී‍්‍රඩා කර ඇති දෝනි, ඉනිම 193 කදී නොදැවීම් 73 ක් සහ අර්ධ ශතක 23 ක් සමග රැුස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4746 කි. එහිදී තමාගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.55 ක රඳවාගෙන ඇති දෝනිගේ ලකුණු රැුස්කිරීමේ ප‍්‍රවේගය 135.83 ක අගයක් ගනී.

ලබන වසරේ වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම්වලට අවශ්‍ය කී‍්‍රඩකයන් රඳවාගැනීම සඳහා ලබාදුන් අවස්ථාවේදී දෝනිට අමතරව රවින්ද්‍ර ජදේජා, මුයින් අලී සහ රුතුරාජ් ගයික්වාඞ් යන කී‍්‍රඩකයන්ද තම කණ්ඩායමේ රඳවාගැනීමට චෙන්නයි හිමිකරුවෝ කටයුතු කළහ.

ඔවුන් ජදේජා වෙන්වෙන් වැය කළ ඉන්දීය රුපියල් කෝටි 16 ක මුදල මෙවර කණ්ඩායමක් කී‍්‍රඩකයකු රඳවාගැනීම සඳහා වැය කළ ඉහළම මුදල ලෙසද සටහන් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නායක රොහිත් ශර්මාවද, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නායක රිෂාබ් පාන්ට්වද කෝටි 16 ක මුදලක් වැය කරමින් එම කණ්ඩායම් තුළම රඳවාගත්හ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 15 ක් වැය කරමින් සිය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි තවදුරටත් කණ්ඩායම තුළ රඳවාගෙන තිබේ. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිය නායකයන් වන කේන් විලියම්සන් සහ සංජු සැම්සන් කණ්ඩායම් තුළ රඳවාගැනීමට ඉන්දීය රුපියල් කෝටි 14 බැගින් වැය කර ඇත.

මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජස්පී‍්‍රට් බුම්රාවද, කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඔන්ඩි‍්‍ර රසල්වද, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මායන්ක් අගර්වාල්වද ලබන වසර සඳහාත් තම කණ්ඩායම් තුළම රඳවාගැනීම වෙනුවෙන් වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 12 කි.


එක් එක් කණ්ඩායම් විසින් රඳවාගන්නා ලද කී‍්‍රඩකයෝ

චෙන්නායි සුපර් කිංග්ස් පිල
රවින්ද්‍ර ජදේජා (කෝටි 16), මහේන්ද්‍ර සිං දෝනි (කෝටි 12), මුයින් අලී (කෝටි 8) සහ රුතුරාජ් ගයික්වාඩ් (කෝටි 6)

මුම්බායි ඉන්දියන්ස් පිල
රෝහිත් ශර්මා (කෝටි 16), ජස්පී‍්‍රට් බුම්රා (කෝටි 12), සූර්යකුමර් යාදව් (කෝටි 8) සහ කිරන් පොලාඞ් (කෝටි 6)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල
ඔන්ඩි‍්‍ර රසල් (කෝටි 12), වරුන් චක‍්‍රවර්ති (කෝටි 8), වෙන්කටේෂ් අයියර් (කෝටි 8) සහ සුනිල් නරේන් (කෝටි 6)
 
දිල්ලි කැපිටල්ස් පිල
රිෂාබ් පාන්ට් (කෝටි 16), අක්ෂර් පටේල් (කෝටි 9), පි‍්‍රත්වි ෂෝ (කෝටි 7.5) සහ ඇන්රික් නොකියා (කෝටි 6.5)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල
විරාට් කෝලි (කෝටි 15), ග්ලේන් මැක්ස්වෙල් (කෝටි 11) සහ මොහොමඩ් සිරාජ් (කෝටි 7)
 
සන්රයිසස් හයිද්‍රාබාද් පිල
කේන් විලියම්සන් (කෝටි 14), උම්රාන් මලික් (කෝටි 4) සහ අබ්දුල් සමාඞ් (කෝටි 4)

රාජස්ථාන් රෝයල්ස් පිල
සංජු සැම්සන් (කෝටි 14), ජොස් බට්ලර් (කෝටි 10) සහ යශස්වි ජයිස්වාල් (කෝටි 4)

පන්ජාබ් කිංග්ස් පිල
මායන්ක් අගර්වාල් (කෝටි 12) සහ අර්ෂ්දීප් සිං (කෝටි 4)

-036

 


අදහස් (0)

දෝනි ලබන වසරේදීත් චෙන්නායි පිලටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.