Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරග 200 කට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා වෙමින් නව වාර්තාවක් පිහිටුවීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි සදුඳා (19) සමත්විය. රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව අබුඩාබිහිදී පැවැති 2020 අයි.පී.එල් තරගාවලියේ 37 වැනි තරගයේදී මෙම වාර්තාව තැබීමට දෝනි සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් දෝනි ක්‍රීඩා කළ 170 වැනි තරගය වන අතර 2016 සහ 2017 වසර දෙකේදී චෙන්නායි පිලට අයි.පී.එල් තරගාවලිය තහනම් විය. නමුත් එම වසර දෙකේදී රයිසින් පූනේ සුපර්ජයන්ට් පිල වෙනුවෙන් තරග 30 ක් ක්‍රීඩා කළේය.
වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතර දෝනිට පසුපසින් තරග 197 ක් ක්‍රීඩා කළ මුම්බායි පිලේ රෝහිත් ෂර්මා සිටින්නේය. නමුත් තරග 193 ක් ක්‍රීඩා කරමින් එම ලයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන සුරේෂ් රයිනාට තරග 200 ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා වීමේ අවස්ථාව ගිලිහී ගියේ පෞද්ගලික හේතුවක් නිසා මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වූ හෙයිනි.
අයි.පී.එල්. කුසලානය තෙවතාවක් ජයග්‍රහණය කරමින් දෙවැනි සාර්ථකම නායකයා බවට පත්ව සිටින දෝනි සිවුවතාවක් කුසලානය එසවූ රෝහිත් ෂර්මාට පසුපසින් සිටී. නමුත් අයි.පී.එල්. ඉතිහාසයේ තරග 184 කට නායකත්වය දුන් දෝනි ඉන් තරග 107 ක් ජයග්‍රහණය කරමින් වැඩිම ජයග්‍රාහී තරග ප්‍රතිශතයක් හිමි නායකයා ලෙසින් වාර්තා අතරේ ඉදිරියෙන් සිටී.
අයි.පී.එල්. සමාරම්භක තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල අවසන් මහා තරගය සඳහා කැඳවාගෙන යාමට දෝනි නායකත්වය දුන් අතර එහිදී ඔවුන් රාජස්ථාන් රෝයල්ස් පිල හමුවේ පරාජය විය. 2009 වසරේදී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වූ අතර 2010 දී චෙන්නායි පිලට ශූරතාව දිනාදීමට දෝනි වගබලා ගත්තේය. 2011 වසරේදීත් නැවතත් ශූරතාව දිනාගත් චෙන්නායි පිල පිට පිට දෙවරක් ශූරතාව දිනාගත් එකම කණ්ඩායම වන්නේය.
දෝනි සහ චෙන්නායි පිලේ ගමන සැමවිටම රෝස මල් යහනාවක් මතින් වැටී තිබුණේ නැත. චෙන්නායි පිලේ ප්‍රධාන නිලධාරියාගේ ඔට්ටු ඇල්ලීමේ කටයුතු හේතුවෙන් කණ්ඩායම වසර දෙකකට අත්හිටුවීම ඔහුගේ වෘත්තියේ ජිවිතයේ අඳුරුතම අවධිය වූයේය. කෙසේ වෙතත්, චෙන්නායි පිල යළිත් වරක් ජයග්‍රාහී මාවත වෙත රැගෙන පැමිණි දෝනී, 2018 දී වර්ෂයේදී නැවතත් ශූරතාව දිනා ගැනීමට සමත්විය. 2019 වසරේදීද ශූරතාව ලඟටම පැමිණි ඔවුන්ට මුම්බායි පිල හමුවේ ලකුණක පරාජයක් හිමිවූයේ ලසිත් මාලිංග අවසන් පන්දුවේදී කඩුල්ලක් දවාගැනීමෙනි.
වැඩිම අයි.පී.එල් තරග වලට සහභාගි වූ ක්‍රීඩකයෝ
200 - මහේන්ද්‍ර සිං දෝනි (චෙන්නායි සුපර් කිංග්ස්)
197 - රෝහිත් ෂර්මා (මුම්බායි ඉන්දියන්ස්)
193 - සුරේෂ් රයිනා (චෙන්නායි සුපර් කිංග්ස්)
191 - දිනේෂ් කාර්තික් (කොල්කටා නයිට් රයිඩර්ස්)
186 - විරාට් කෝලි (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.