Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේ්වපතිරාජයට ලකුණු 70 ක ජයක්

දේ්වපතිරාජයට ලකුණු 70 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 70 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 228 ක ඉලක්කයක් හඹාගිය පී. ද එස්. කුලරත්න විදුහට  ඕවර 38 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157 ක් පමණි.

එහිදී දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ උප නායක රවීන් යසස් පන්දු 136 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 108 ක් රැස්කළේය.


දේවපතිරාජ විදුහල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 227
(රවීන් යසස් 108, ඉෂාන් චමීර 31, සසිඳු සත්සර 20, නිමේෂ් චතුරංග 19, හිරුෂාන් දීමන්ත 45/4, දිලාන් හංසක 29/2, භානුක පමුදිත 31/2)

පී. ද එස්. කුලරත්න විදුහල -  ඕවර 38 කදී සියලූ දෙනා දැවී 157
(ආමන්ත මධුෂංක 60, භානුක පමුදිත 38, දෙනුවන් කුමුදිත නොදැවී 21, නිලංක රුක්ෂිත 22/5, චානුක නවීන් 31/2)


- 036


අදහස් (0)

දේ්වපතිරාජයට ලකුණු 70 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.