Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජ විදුහලට ලකුණු 111 ක ජයක්

දේවපතිරාජ විදුහලට ලකුණු 111 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 111 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය. මෙය මෙවර තරග වාරයේදී දේවපතිරාජ විදුහල ලද තෙවැනි ජයග‍්‍රහණයයි.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය විද්‍යාලෝක විදුහලට  ඕවර 30.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 73 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවීන් යසස් ලකුණු 6 කට කඩුලූ 4 ක් දවාගන්මින් විද්‍යාලෝක පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

දේවපතිරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් (51) ලබා ගැනීමට අවිෂ්ක චේනුක සමත් වූ අතර විද්‍යාලෝක විදුහල වෙනුවෙන් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගැනීමට ජනිතු කුමාර සමත් විය.


දේවපතිරාජ විදුහල -  ඕවර 37.1 කදී සියලූ දෙනා දැවී 184
(අවිෂ්ක චේනුක 51, සසිඳු සත්සර 27, නිලංක රුක්ෂිත 35, රවීන් යසස් 34, ප‍්‍රසංක ලක්ෂිත නොදැවී 15, ජනිතු කුමාර 20/5, සුපුන් තාමර 36/2, කවිඳු මධුෂාන් 58/2)
 
විද්‍යාලෝක විදුහල -  ඕවර 30.5 කදී සියලූ දෙනා දැවී 73
(ඒෂාන් පෙරේරා 13, රවීන් යසස් 6/4, චානුක ඩිල්ෂාන් 17/3, නිලංක රුක්ෂිත 11/2)

 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට ලකුණු 111 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.