Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජ විදුහලට කඩුලූ 4 ක ජයක්

දේවපතිරාජ විදුහලට කඩුලූ 4 ක ජයක්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබීමට දේවපතිරාජ විදුහල සමත්විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවීන් යසස්, ශාන්ත තෝමස් ඉනිම් දෙකේදීම ලකුණු 57 කට කඩුලූ 8 ක් දවාගනිමින් දේවපතිරාජ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම  ඕවර 36.3 කදී සියලූ දෙනා දැවී 133
(ලසිත් ලක්ෂාන් 64, ඔසඳ චමුපති 16, දිලූම් සුදීර 14, රවීන් යසස් 42/4, මධුරංග පියුමන් 24/3, ප‍්‍රසන්න කරුණාවංශ 26/2)

දේවපතිරාජ විදුහල - පළමු ඉනිම  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 103
(අශේන් කාංචන 26, මධුරංග පියුමන් 21, උමේෂ් කසුන් 18, දිලිප් තාරක 17/4, දිලූම් කි‍්‍රෂාන් 13/2)
 
ශාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම  ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 134
(ශෂ්නි අහමඞ් 31, ලසිත් ලක්ෂාන් 26, නෙවිඳු උදේෂ් 25, දිලිප් තාරක 24, ප‍්‍රසන්න කරුණාවංශ 38/5, රවීන් යසස් 33/4)
 
දේවපතිරාජ විදුහල - දෙවැනි ඉනිම  ඕවර 61.1 කදී කඩුලූ 6 ක් දැවී 165
(රමිඳු නිකේෂල 49, රවීන් යසස් 40, නිලංක රුක්ෂිත 34, ප‍්‍රසන්න කරුණාවංශ 19, දිලිප් තාරක 54/3, නිමන්ත කවීෂ්වර 21/2)

-036

 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.