Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්

දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්

ශනුක අරවින්ද - 2014 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ රත්ගම මහජන කී‍්‍රඩාංගණයේ පැවැති පළමු වටයේ තරගයකින් මාතර රාහුල විදුහල පරදවා කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා අවශ්‍යවූ ලකුණු 160,  ඕවර 45.5 ක් තුළදී කඩුලූ 7 ක් දැවී රැුස්කිරීමට දේපතිරාජ විදුහලේ පිතිකරුවෝ සමත්වූ අතර දිල්ෂාන් කාංචන ලකුණු 72 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

රාහුල විදුහලේ හර්ෂ රාජපක්ෂ ලකුණු 15 කට දේවපතිරාජ විදුහලේ කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වුවද, තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට  තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

රහුල විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 කට 159
(කලණ හසරංග 46, නිමේෂ් තිලංග 33, තිලිණ මානගේ 15, හර්ෂ රාජපක්ෂ 10, රවීන් යසස් 3/2, චතුර ලක්ෂාන් 26/2)

දේවපතිරාජ විදුහල - ඕවර 45.5 කදී කඩුලූ 7 කට 160
(දිල්ෂාන් කාංචන 72, රවීන් සයස් 27, ළහිරු මධුවන්ත 11, හර්ෂ රාජපක්ෂ 15/3, චාමික ශවින්ද 41/2)

 

-036


අදහස් (0)

දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.