Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර රාංචිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය ක්‍රීඩකයෝ, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 17.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක රෝහිත් ශර්මා (55) සහ ලෝකේෂ් රාහුල් (65) සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
එහිදී පන්දු 36 කට මුහුදුන් ශර්මා හයේ පහර 5 කින් සහ හතරේ පහරකින් සිය 25 වැනි විස්සයි-20 අර්ධ ශතකය අලංකාර කළේය. පන්දු 49 කදී වාර්තා වූ රාහුල්ගේ 16 වැනි විස්සයි-20 අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. රිෂාබ් පාන්ට් (නොදැවී 12) පිට පිටම හයේ පහර 2 ක් එල්ල කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තද, එය නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමෙන් පසුව නවසීලන්තය පිට පිටම ලැබූ දෙවැනි පරාජය මෙය විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් පිලිප්ස් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් ලබාගත්තේය. ආරම්භ පිතිකරුවන් දෙදෙනා වූ මාටින් ගප්ටිල් සහ ඩැරිල් මිචෙල් ලකුණු 31 බැගින් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 153
(මාටින් ගප්ටිල් 31, ඩැරිල් මිචෙල් 31, මාක් චැප්මන් 21, ග්ලේන් පිලිප්ස් 34, ටිම් සෙයිෆර්ට් 13, හර්ෂාල් පටේල් 25/2)
ඉන්දියාව - ඕවර 17.2 කදී කඩුලු 3 කට 155
(ලෝකේෂ් රාහුල් 65, රෝහිත් ශර්මා 55, වෙන්කටේෂ් අයියර් නොදැවී 12, රිෂාබ් පාන්ට් නොදැවී 12, ටිම් සවුති 16/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.