Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි වටයට කණ්ඩායම් 32ක්

දෙවැනි වටයට කණ්ඩායම් 32ක්

editorial - 2023 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ I වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබා සිටිති. දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ පදනම මත තරග පැවැත්වේ.

පළමු වටයේදී කාණ්ඩ 13 ක් යටතේ කණ්ඩායම් 86 ක් ලීග් තරගාවලියට සහභාගි වූහ. සෑම කාණ්ඩයකින්ම හොඳම කණ්ඩායම් දෙක බැගින් තෝරා ගනිමින්, කාණ්ඩ 13 න් කණ්ඩායම් 26 ක් දෙවැනි වටයට තෝරා ගන්නා ලදි. මූලික වටයේදී තුන්වැනි ස්ථානය ලද කණ්ඩායම් 13 න් හොඳම කණ්ඩායම් 6 ක් තෝරා දෙවැනි වටයට පිවිසෙන කණ්ඩායම් 32 සම්පූර්ණ කරගන්නා ලදි.

පසුගිය වසරේදී මෙම තරගාවලියේ සම ශූරතාව දිනාගත් කොළඹ නාලන්දා විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය මෙවර තරග වාරයේදීත් කණ්ඩායම් ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිස සිටිති.


දෙවැනි වටයට පිවිසි කණ්ඩායම්
කොළඹ මහානාම විද්‍යාලය (ඒ), කොළඹ නාලන්දා විද්‍යාලය (ඒ), කොළඹ රාජකීය විද්‍යාලය (ඒ), ඉසිපතන විද්‍යාලය (ඒ), කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (ඒ), රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය (ඒ) සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු වටයේ කණ්ඩායම් ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිස සිටිති.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය (ඒ), ලුම්බිණි විද්‍යාලය (ඒ), වෙස්ලි විද්‍යාලය (ඒ), කොළඹ ආනන්ද විද්‍යාලය (ඒ), ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය (ඒ), මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පළමු වටයේ දෙවැනි ස්ථාන හිමිකරගනිමින් දෙවැනි වටයට පිවිසියහ.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය (ඒ), කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය (ඒ), කඳාන ද මැසනොද් විද්‍යාලය (ඒ), සඳලංකා මධ්‍ය විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය (ඒ) පළමු වටයේදී තුන්වැනි ස්ථාන දිනාගනිමින් දෙවැනි වටයට පිවිසියහ.

- 213


අදහස් (0)

දෙවැනි වටයට කණ්ඩායම් 32ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.