Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෘෂ්‍යාබාධිත සංගමය ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ඉල්ලයි

දෘෂ්‍යාබාධිත සංගමය ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ඉල්ලයි

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමය සිය ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරයි.

 එම සංගමය කොළඹදී පැවැති  මාධ්‍ය හමුවකදී පැවසුවේ ශ්‍රී ලංකා දාශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ‘ඩුබායි’ තරග සංචාරය වීසා ලබා ගැනීමේ ප්‍රමාදයක් මත අත්හැර දැමීමට සිදුවීමෙන් පසුව ඒ පිළිබඳව සංගමය දැඩි ලෙස අවධානය යොමුකර තිබෙන බවයි.

‘‘ද්‍ැනට අපි වැඩ කරන්නේ ජාතික පැරලිම්පික් යටතේයි. ඒ සාමාජිකත්වයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ලබාගැනීමට අපට හැකි වුණොත් ඉදිරි අපේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය වඩාත් සාර්ථක කර ගන්න හැකි වේවි.

අපිට විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ඩුබායි තරග සංචාරය මේ විදියට අසාර්ථක ​ෙවන්නේ නෑ. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකතත්වයේ ඉඳගෙන පහසුකම් සඳහා සූදානම් වුණා නම් කියලා.’’

මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමයේ ලේකම් චමින්ද පුෂ්පකුමාර මහතාය.

කෙසේ වුවත් ඔහු පවසන්නේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිචාර පලවී නැති බවයි. ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා ඉන්දියාවේ සහභාගිත්වයෙන් ‘ඩුබායි’ නුවරදී නොබෝදා පැවැති තුන් කොන් දෘශ්‍යාබාධිත වූවන්ගේ ක්‍රිකට් තරගාවලියෙන් විසා ලබාගැනීමේ ප්‍රමාදයක් මත ඉවත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ඒ හේතුවෙන් තරගාවලිය දෙකොන් සටනක් බවට පත්වූ අතර කුසලාන ඉන්දියාව දිනා ගත්තේය. ලබන නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී පැවැත්වෙන ලෝක කුසලාන දෘශ්‍යාබාධිතයන්ගේ තරගාවලියට මීළඟට සහභාගිවීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවේ.

ඩුබායි තුන් කොන් තරගාවලියේදී  ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම ලෝක කුසලාන තරග සංචාරයේදී අත්වීමට ඉඩ නොදිය යුතු බව මෙම මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ  ක්‍රිකට් කණ්ඩායමේ නායක දමිත් සඳරුවන් පැවසීය.

සිය සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සාමාජිකත්වය ලැබීම තුළ මෙම කටයුතු සාර්ථක කර ගැනීමටත් අනුග්‍රාහකත්වය වැඩි දියුණු කර ගැනීමත් විශාල ලෙස පුළුල් කර ගත හැකි බව ඔහුගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් කණ්ඩායමට දක්වන සහයෝගය සම්බන්ධයෙන් කොළම්තොට එක්සත් වෙළඳ සංමයේ සභාපති උදේනි කුමාර, ලේකම් සම්පත් මොහොට්ටි, ​ෙකාළොම්තොට එක්සත් වෙ​ෙළඳ සංගමයේ ලේකම් බ්‍රයන් ස්පිට්ල්,  හෝමාගම වින් ප්‍රයිම් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්  පෞද්ගලික ආයතනයට  කෘතඥතාව පළ කිරීමටද මෙම මාධ්‍ය හමුවේදී දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමය කටයුතු කළේය.

කරුණා කරලා අපි කියන්නේ අපිට ඇහුම්කන් දෙන්න කියලා. මොකද අපේ ඇස් නොපෙණුනාට අපි කතා කරන අයට ඒ අයට ඇස් හොඳට පේනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් කණ්ඩායමට උදව් කරන ලෙස අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.’’


අදහස් (0)

දෘෂ්‍යාබාධිත සංගමය ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.