දුලාෂ් උදයංගගේ ශතකය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රතට් තරගාවලියේ කුරණෑගලදී පැවති තරගයකින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල මහින්ද විදුහල සමත්විය. ජයග‍්‍රහණය සඳහා මහින්ද පිලට අවශ්‍ය වූයේ ලකුනු 9 ක් වුවද මහින්ද ජයට පෙර කඩුලූ 2 ක් දවාගැනීමට මලියදේව පන්දු යවන්නෝ සමත් වූහ.
මහින්ද විදුහලේ පළමු ඉනිමේදී දුලාෂ් උදයංග නොදැවී ලකුණු 103 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 289 ක් දක්වා ඔසවා තැබීය.
මලිත් මහේල සහ සචින්ත තාරුක කඩුලූ 6 බැගින් දවාලමින් මලියදේව විදුහලේ ඉනිම් 2 පිළිවෙලින් ලකුණු 177 කට සහ 120 කට සීමා කළහ.
මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලූදෙනා දැවී 177
(කේෂාන් විජේරත්න 72, කුසල් ද සිල්වා 34, ප‍්‍රභාත් කැප්පැටිපොල 28, මලිත් මහේල 63/3, පසිඳු දිල්ෂාන් 26/2, සචින්තන තාරුක 7/2)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 80 කදී කඩුලූ 9 කට 289
(දුලාෂ් උදයංග නොදැවී 103, පියුශාන් කුලතුංග 51, ඉෂාර අකලංක 33, මලිත් මහේල 26, ශරින්ද දිසානායක 44/2, දමිත සිල්වා 58/2, චන්දිම බණ්ඩාර 46/2)
මලියදේව විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.4 කදී සියලූදෙනා දැවී 120
(අර්ජුන තෙන්නකෝන් 32, ශරින්ද දිසානායක 31, සචින්තන තාරුක 28/4, මලිත් මහේල 36/3, තමිත් කල්හාර 41/3)
මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුලූ 2 කට 10
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.