Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී ශතකයක් (118) ලබාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලේ දුලාජ් රණතුංග සමත් විය. මෙම තරගයෙන් මලියදේව විදුහලට පළමු ඉනිමේ ජයක් හිමි වූ අතර පන්දු 151 කදී වාර්තා වූ දුලාජ්ගේ ශතකයට හතරේ පහර 19 ක් ඇතුළත් විය.
ශාන්ත ජෝෂප් විදුහලේ රෙවාන් කේලි ලකුණු 91 ක් ලබාසිටියදී ශතකය පෙනී පෙනී දැවීගිය අතර දිනංජය පේ‍්‍රමරත්න (68) සහ කවීන් බණ්ඩාර (65) මලියදේව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 77 කදී කඩුලූ 9 ක් දැවී 300
(රෙවාන් කේලි 91, දිනෙත් මදුරවෙල 40, ශෙවෝන් ෆොන්සේකා 34, දිනෙත් ජයකොඩි නොදැවී 31, පහන් පෙරේරා 26, ටෂාන් පෙරේරා 22, ජෙහාන් ඩැනියෙල් 20, ගයාන් චන්ද්‍රසේන 24/3, කවීන් බණ්ඩාර 22/2, සංජීවන් පි‍්‍රයදර්ශන 70/2, දමිත සිල්වා 114/2)
මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 104.4 කදී කඩුලූ 7 ක් දැවී 403
(දුලාජ් රණතුංග 118, දිනංජය පේ‍්‍රමරත්න 68, කවීන් බණ්ඩාර 65, දිල්ෂාන් කොල්ලූර් 48, මුදිත පේ‍්‍රමදාස 35, දමිත ද සිල්වා 21, දිනෙත් ජයකොඩි 66/3, නිපුන් සුමනසිංහ 76/2)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 8 කදී කිසිවකු නොදැවී 38
(ටෂාන් පෙරේරා නොදැවී 23)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.