Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත්ගෙන් නිර්භය තීරණයක්

දිමුත්ගෙන් නිර්භය තීරණයක්

editorial - 2021 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශී‍්‍ර  ලංකාව ටෙස්ට් පිටියට පිවිසීමෙන් වසර 39 කට පසුව, නිර්භය තීරණයක් ගෙන සිටින ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හෙට (21 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා සහභාගි වන කී‍්‍රඩකයන් 11 දෙනා නම්කළේය. මෙතෙක් කලක් පැවැති සියලූම ටෙස්ට් තරග වලදී තරගයට පෙරදින පැවැති පුවත් පත් සාකච්ඡාවන්හි නායකයාගේ ප‍්‍රකාශය වූයේ ”අපි අවසන් 11 දෙනා නම්කරන්නේ හෙට උදේ තණතීරුව දිහා බලලා තමයි” යන්නයි.

කෙසේ වෙතත් මේ වතාවේදී පැරණි සම්ප‍්‍රදායෙන් මිදී, තරගය සඳහා සහභාගි වන කී‍්‍රඩකයන් 11 දෙනා කල්තියා නම්කිරීමට ශී‍්‍ර ලංකා නායකයා ඉදිරිපත් වී තිබේ.

තරගය ආරම්භ වන දිනයේ පෙරවරුව දක්වාම කී‍්‍රඩකයන් තමන් කෙරෙහිම අවිනිශ්චිතව සිටීම වළක්වාලමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

පිට දඟ පන්දු යවන්නකු වන රමේෂ් මෙන්ඩිස් අංක 7 ස්ථානයේ රඳවන ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව වමතින් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය දෙදෙනාම කණ්ඩායමට කැඳවා තිබේ. සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර දෙදෙනා වේග පන්දු යවන්නෝ වෙති. කඩුලූ රැකීමේ අත්ආවරණ දිනේෂ් චන්දිමාල්ට බාර වී තිබේ.

 

පළමු ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල අනුව)
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක,  ඕෂධ ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම

 


අදහස් (0)

දිමුත්ගෙන් නිර්භය තීරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.