
අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 10 දෙනා අතරට නැවත පැමිණිමට ශ‍්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සමත්වී ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර ටෙස්ට් පිතිකරුවන් ශේණිගත කිරීම්හි 11 වැනි ස්ථානයේ දිමුත් කරුණාරත්න පසුවිය.
කොදෙව්වන්ට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් සහ 83 ක් ලබා ගනිමින් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් ඔහු ස්ථාන 4 ක් ඉදිරියට පැමිණියේය. 2019 අගෝස්තු මාසයේදී හයවැනි ස්ථානයට පත්වූ දිමුත්, සිය ටෙස්ට් දිවිය තුල ටෙස්ට් පිතිකරු ශේණිගත කිරීම් අතරේ ඉහළටම පැමිණි පළමු අවස්ථාව එය විය.
ටෙස්ට් පිතිකරුවන් ශේණිගත කිරීම් අතරේ ස්ථාන 2 ක් ඉදිරියට පැමිණී ඇන්ජලෝ මැතිව්ස් 24 වැනි ස්ථානයේද, දිනේෂ් චන්දිමාල් ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් 46 වැනි ස්ථානයේදී රැඳී සිටිති. පළමු වරට ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු 100 දෙනා අතර පැමිණ සිටින පැතුම් නිස්සංක ප‍්‍රසාද ලකුණු 353 ක් ලබාගනිමින් 99 වැනි ස්ථානයේ රැඳී ඇත.
32 වැනි ස්ථානයේ පසුවු ධනංජය ද සිල්වාගේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී ස්ථානයේ වෙනසක් සිදුවී නොමැති අතර ඕෂධ ප‍්‍රනාන්දු ස්ථාන 11 ක් පහත වැටෙමින් 70 වැනි ස්ථානයට ගොස් තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින සුරංග ලක්මාල් එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට පත්ව ඇත. ලසිත් ඇඹුල්දෙණිය ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් 37 වැනි ස්ථානයද, ප‍්‍රවීන් ජයවික‍්‍රම ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් 44 වැනි ස්ථානයද රමේෂ් මෙන්ඩිස් ස්ථාන 28 ක් ඉදිරියට පැමිණෙමින් 57 වැනි ස්ථානයද ලබාගෙන ඇත.
73 වැනි ස්ථානයේ සිටි දුෂ්මන්ත චමීර ස්ථාන 5 ක් පහළට වැටෙමින් 78 වැනි ස්ථානයද, ඇන්ජලෝ මැතිව්ස් එක් ස්ථානයක් පහළට වැටෙමින් 94 වැනි ස්ථානයද ලබාගෙන ඇත. 89 වැනි ස්ථානයේ පසුවු ධනංජය ද සිල්වාගේ ශ්‍රේණිගත ස්ථානයේ වෙනසක් සිදුවී නැත.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජර්මේන් බ්ලැක්වුඞ්, ජේස්න් හෝල්ඩර්, ක්‍රෙග් බ‍්‍රැත්වේට්, ශේන් ඩව්රිච්, ශමාර් බෘක්ස්, රොස්ටන් චේස් ස්ථාන කිහිපයක් පහත වැටෙන විට නිකෲමා බෝනර්, කයිල් මේයර්, ජොෂුවා ද සිල්වා ස්ථාන කිහියක් ඉදිරියට පැමිණ ඇත.
පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන කිහියක් ඉදිරියට පැමිණිමට කොදෙව් පන්දු යවන්නන් වන රොස්ටන් චේස් සහ ජොමෙල් වොරිකන් සමත්වූහ.
ප‍්‍රසාද ලකුණු 903 ක් ලබාගෙන සිටින එංගලන්තයේ ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන්නේය. දිමුත් කරුණාරත්න ස්ථාන 4 ක් ඉදිරියට පැමිණීමත් සමගින් පිළිවෙලින් බාබර් අසාම්, ඩේවිඩ් වෝනර්, ක්විටින් ඩි‘කොක් සහ හෙන්රි නිකොල්ස් එක් ස්ථානය බැගින් පහත වැටී සිටිති. ඒ අනුව හෙන්රි නිකොල්ස්ට හොඳම පිතිකරුවන් 10 දෙනාගේ ස්ථානය අහිමිව යමින් 11 වැනි ස්ථානය හිමිව ඇත.
අයි.සී.සී ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ප‍්‍රසාද ලකුණු 908 ක් ලබාගනිමින් ඕස්ටේ‍්‍රලියාවේ පැට් කමින්ස් පෙරමුණේ පසුවන්නේය. හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතර සිටි කොදෙව් ක‍්‍රීඩක ජේසන් හෝල්ඩර් ස්ථාන 3 ක් පහළට ඇදවැටෙන විට එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් 10 වැනි ස්ථානය අත්පත් කරගෙන ඇත.



- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.