Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දික්වැල්ල - සහන් එන්.සී.සී. පිල දිනවති

දික්වැල්ල - සහන් එන්.සී.සී. පිල දිනවති

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජෙසූරිය)

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති ප්‍රධානතම වි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 7 ක ජයක් ලබාගත් එන්.සී.සී. ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

වර්ෂාවෙන් බාධා වූ හෙයින් ඕවර 13 කට සීමා වූ මෙම තරගයේදී ලකුණු 132 ක ඉලක්කයක් කරා ගිය එන්.සී.සී. පිල වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 26 කින් නොදැවී ලකුණු 70 ක් ලබාගත්තේ හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් ද සමගිනි. පන්දු 17 කදී ලකුණු 50 සීමාව පසුකළ එන්.සී.සී. පිල වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 18 කින් නොදැවී ලකුණු 44 ක් ලබාගත්තේ හතරේ පහර 3 කින් සහ හයේ පහර 4 කින් සිය ඉනිම සරසමිනි.

දික්වැල්ල සහ සහන් ආරච්චිගේ දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 63 ක අඛණ්ඩ සම්බන්ධතාවට වැයවූයේ පන්දු 25 කි.

අවසන් තරගය ඉරිදා (11 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි


මුවර්ස් - ඕවර 13 කදී කඩුලු 5 ට 131 යි
(සොහාන් ද ලිවේරා 37, ජනිෂ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 28, මොහොමඩ් ශමාස් නොදැවී 19)

එන්.සී.සී. - ඕවර 9.5 කදී කඩුලු 3 ට 138 යි
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 70, කමිල් මිෂාර 15, සහන් ආරච්චිගේ නොදැවී 44)


අදහස් (0)

දික්වැල්ල - සහන් එන්.සී.සී. පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.