Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දික්වැල්ල - අසලංක කොළඹට
ලංකා ප්‍රිමියර් ලීග්

දික්වැල්ල - අසලංක කොළඹට

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර චරිත් අසලංක සහ නිරෝෂන් දික්වැල්ල සිය කණ්ඩායමට ඍජුවම ඇතුළත් කර ගැනීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී අසලංක කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ අතර දික්වැල්ල දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේය. 

ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට තරගාවලියේ සංවිධායකයන් අවසර ලබා දී තිබිණ. ඒ අනුව පාකිස්තාන පිතිකරු අසීෆ් අලී සහ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් විදෙස් ක්‍රීඩකයන් ලෙස ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටද කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම කටයුතු කර තිබේ. 

එක් එක් කණ්ඩායම්වලට ඉකුත් වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් දේශීය ක්‍රීඩකයන් සිවුදෙනා බැගින්ද, විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද වසරේදීත් එම කණ්ඩායම්වලම රඳවාගැනීමටද තරග සංවිධායකයන් ඉඩකඩ ලබා දී තිබිණ. ඒ අනුව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්, තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන් මෙම වසරේදීත් කණ්ඩායමේ රඳවා ගැනීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ.

කෙසේ වුවත් ඉකුත් වසරේදී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම වසරේදී එම කණ්ඩයමෙන් ඉවත්ව ගොස් ඇත. ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ධනංජයද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් චමීරද ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කරගනු ලැබ ඇත.

 


අදහස් (0)

දික්වැල්ල - අසලංක කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.