Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ලකුණු 293 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය

දඹුල්ල ලකුණු 293 ක් පසුපසින්

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. 

ඒ අනුව දඹුල්ල කණ්ඩායම තවත් කඩුලු 5 ක් ඇතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 293 ක් පසුපසින් සිටින අතර පළමු දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි සොනාල් දිනූෂ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක්ද, චමිඳු විජේසිංහ ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

පළමු දිනය වූ ඊයේ (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 136 ක් එක්කරගත්හ. එහිදී අගනා ශතකයක් ලබාගත් විෂාද් රන්දික, හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 171 ක් රැස්කළේය. 


ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 425   
(සංගීත් කුරේ 18, ඕෂධ ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විෂාද් රණ්දික නොදැවී 171, නිමේෂ් විමුක්ති 52, මිලාන් රත්නායක 26, දුෂාන් හේමන්ත 103/3, දිල්ෂාන් අබේසිංහ 38/2, සොනාල් දිනූෂ 81/2) 

දඹුල්ල පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 132 
(ලසිත් කෲස්පුල්ලේ 51, සොනාල් දිනූෂ නොදැවී 35, උදිත් මධුෂාන් 28/2) 


අදහස් (0)

දඹුල්ල ලකුණු 293 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.