Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ලකුණු 177 ක් ඉදිරියෙන්
ජාතික සුපිරි ලීගය - 2023

දඹුල්ල ලකුණු 177 ක් ඉදිරියෙන්

editorial - 2023 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල ක්‍රීඩකයෝ, දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටියහ.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 177 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට සොනාල් දිනූෂ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද, අෂාන් ප්‍රියන්ජන් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 61 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 55 ක් තුළ බිඳවැටුණද, ආරම්භක පිතිකරු සොනාල් දිනූෂ සමග එක්වූ අෂාන් ප්‍රියන්ජන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ දෙවැනි ඉනිම සවිමත් කළහ.

පළමු දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටි ගාල්ල කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 161 ක් ලබාගත්තේය. ලකුණු 39 කට කඩුලු 6 ක් බිඳවැටීමෙන් අඩපණ වී තිබූ ගාල්ල ඉනිම ගොඩනැගූ පැතුම් කුමාර (78) සහ සුමින්ද ලක්ෂාන් (41) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 82 ක් එක්කළහ.

පැතුම්ගේ අර්ධ ශතක හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර සුමින්දගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. ගාල්ල ඉනිමේ නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කවිෂ්ක අංජුල ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 64 කට කඩුලු 4 ක් දවාගත්තේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 248
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 187

(පැතුම් කුමාර 78, සුමින්ද ලක්ෂාන් 41, කවිෂ්ක අංජුල 26, වනිඳු හසරංග 64/4, ළහිරු සමරකෝන් 42/3, සොනාල් දිනූෂ 32/2)

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 116
(සොනාල් දිනූෂ නොදැවී 51, අෂාන් ප්‍රියන්ජන් නොදැවී 34, මොහොමඩ් සිරාස් 27/2)


අදහස් (0)

දඹුල්ල ලකුණු 177 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.