අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 5 කින් ජයගත් දඹුල්ල කණ්ඩායම තරගාවලියේ පළමු ජය හිමිකර ගැනීමට අද (8 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම ඕවර 18.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් ජනිත් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායමේ ජය ඉක්මන් කිරීමට සමත්විය.
කුසල් ජනිත සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 37 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රුවිඳු ගුණසේකර පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් දකුණු 38 ක් රැස් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකවිය.
සචිත් පතිරණ ලකුණු 21 කට කඩුලු 3 ක් සහ ඉසුරු උදාන ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා මහනුවර කණ්ඩායමට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.
මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනෙකු ලකුණු 16 ක් තුළ දවාගනිමින් පීඩනය මහනුවර කණ්ඩායම වෙත යොමු කිරීමට ළහිරු ගමගේ සහ අසිත ප්‍රනාන්දු සමත්වූහ.
තවත් ලකුණු 37 ක් මහනුවර කණ්ඩායමට එක්වන විටදී ශෙහාන් මදුශංක විසින් පස්වැනි සහ හයවැනි කඩුලු දවාගැනීමත් සමගින් තරගයේ පාළනය දඹුල්ල කණ්ඩායම වෙත නතුකර ගැනීමට හැකිවිය.
චාමර කපුගෙදර (40) සහ සචිත් පතිරණ (38) එක්ව හත්වැනි කඩුල්ල සදහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් පැවැත්වුවද තරගය ජයගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජෙෆ්රි වැන්ඩසේ ඕවර 4.1 ක් එක් නිළකුණු ඕවරයක්ද සමගින් යෑවූ අතර ලකුණු 7 කට අවසන් කඩුලු 4 දවාගත්තේය.
ළහිරු ගමගේ සහ ශෙහාන් මදුශංක කඩුලු 2 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායකවූහ.
මහනුවර කණ්ඩායම - ඕවර 29.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(චාමර කපුගෙදර 40, සචිත් පතිරණ 38, ජෙෆ්රි වැන්ඩසේ 07/4, ළහිරු ගමගේ 29/2, ශෙහාන් මදුශංක 35/2)
දඹුල්ල කණ්ඩායම - ඕවර 18.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 130
(කුසල් ජනිත් 41, රුවිඳු ගුණසේකර 38, සචිත් පතිරණ 21/3, ඉසුරු උදාන 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.