Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල කඩුලු 3 කින් ජය ලබයි
ජාතික සුපිරි ලීගය

දඹුල්ල කඩුලු 3 කින් ජය ලබයි

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ඊයේ (3 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 43 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ සොනාල් දිනූෂ පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ලකුණු 128 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී චමිඳු විජේසිංහ (25) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනූෂ සමත් වූ අතර සනෝජ් දර්ෂික පන්දු 58 කදී හතරේ පහර 9 ක් සමග ලකුනු 48 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි. කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක අහන් වික්‍රමසිංහ පන්දු 66 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 42 ත් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩකයන් වන විෂ්ව ප්‍රනාන්දු සහ මොහොමඞ් සිරාස් කඩුලු 3 බැගින් බිඳහෙළමින් කොළඹ ඉනිම අඩ පණ කළ අතර චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ සහ දුෂාන් හේමන්ත කඩුල්ල බැගින් දවාගනිමින් කොළඹ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා විෂ්වට සහ සිරාස්ට සහාය දුන්හ. 


කොළඹ පිල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 201  
(කමිල් මිෂාර 16, සහන් ආරච්චිගේ 37, අහන් වික්‍රමසිංහ 42, චමිඳු වික්‍රමසිංහ 24, පුලින තරංග 18, විෂ්ව ප්‍රනාන්දු 36/3, මොහොමඞ් සිරාස් 49/3) 

දඹුල්ල පිල - ඕවර 43 කදී කඩුලු 7 ක් දැවී 204 
(මිනෝද් භානුක 15, සනෝජ් දර්ෂික 48, පවන් රත්නායක 24, රනේෂ් සිල්වා 25, සොනාල් දිනූෂ නොදැවී 44, චමිඳු විජේසිංහ 25, මිතුන් ජයවික්‍රම 32/2) 


අදහස් (0)

දඹුල්ල කඩුලු 3 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.