Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල - ගාල්ල තරගය ජය පැරදුමකින් තොරයි
ජාතික සුපිරි ලීගය

දඹුල්ල - ගාල්ල තරගය ජය පැරදුමකින් තොරයි

editorial - 2024 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමග පිත්තෙන් දස්කම් දැක්වූ ගාල්ල ක්‍රීඩකයෝ එහිදී මුල් ඉනිමේ ජයක් ලැබූහ. 

සිවුවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය. එහිදී සනෝජ් දර්ෂික (58) සහ සොනාල් දිනූෂ (67) අර්ධ ශතක ලබාගත් අතර සනෝජ්ගේ ඉනිම හතරේ පහර 10 කින්ද, සොනාල් හතරේ පහර 7 කින්ද සමන්විත විය. 

දඹුල්ල පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගත් නිෂාන් පීරිස් සහ කඩුලු 4 ක් දවාගත් නිමේෂ් විමුක්ති දෙවැනි ඉනිමේදීද කඩුලු 3 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුනු 519 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා දඹුල්ල කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව උදාකර දුන්නේය. 


ගාල්ල පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 519 
(ඕෂධ ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ 78, මොහොමඞ් ශමාස් 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26, චමිඳු විජේසිංහ 70/3) 

දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ෂිංක 63, මිනෝද් භානුක 56, පවන් රත්නායක 63, නිෂාන් පීරිස් 72/5, නිමේෂ් විමුක්ති 48/4) 

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 253 
(රනේෂ් සිල්වා 26, සනෝජ් දර්ෂිංක 58, මිනෝද් භානුක 20, සොනාල් දිනූෂ 67, දුෂාන් හේමන්ත 27, නිෂාන් පීරිස් 74/3, නිමේෂ් විමුක්ති 88/4) 


අදහස් (0)

දඹුල්ල - ගාල්ල තරගය ජය පැරදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.