
ජස්ප‍්‍රීට් බුම්රා (42/5) ඇතුළු ඉන්දීය වේගපන්දු යවන්නන්ගේ දක්ෂතාවන් හේතුවෙන් කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාවට සියලූ දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 210 ක් පමණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම රැුස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 13 ක් පසුපසින් දකුණු අප‍්‍රිකාව පසුවන්නේය.
කීගන් පීටර්සන් ආර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ. පන්දු 166 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි පීටර්සන් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 72 ක් ලබාගත්තේය.
එහිදී කේෂව් මහරාජ් ලකුණු 25 ක්ද, රසී වැන්ඩර් ඩසන් ලකුණු 21 ක්ද, ටෙම්බා බවුමා ලකුණු 28 ක්ද ලබාගැනීමට සමත් වූහ.
දකුණු අපි‍්‍රකානු ඉනිම සුනුවිසුණු කර දැමූ ජස්ප‍්‍රීට් බුම්රා කඩුලූ 5 ක් ද, මොහොමඞ් ශාමී සහ උමේෂ් යාදව් කඩුලූ 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමු දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප‍්‍රිකාව ලකුණු 17 කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.
ඉන්දියා පළමු ඉනිම - සියලූ දෙනා දැවී 223
(චෙතේෂ්වර් පුජාරා 43, විරාට් කෝලී 79, රිෂාබ් පාන්ට් 27, කගිසෝ රබාඩා 73/4, මාර්කෝ ජැන්සන් 55/3)
දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම - සියලූ දෙනා දැවී 210
(කේෂව් මහරාජ් 25, කීගන් පීටර්සන් 72, රසී වැන්ඩර් ඩසන් 21, ටෙම්බා බවුමා 28, ජස්ප‍්‍රීට් බුම්රා 42/5, මොහොමඞ් ශාමී 39/2, උමේෂ් යාදව් 64/2)
ඉන්දියා දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 57
(විරාට් කෝලි නොදැවී 14)


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.