Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප‍්‍රිකාව විස්සයි20 තරගාවලිය ජය ලබති

දකුණු අප‍්‍රිකාව විස්සයි20 තරගාවලිය ජය ලබති

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ 2-1 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ.

වෙළෙද සේවා ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 9 ක ජයක් ලැබීමට සමත් විය.
කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (25) පැවැති දෙවැනි තරගයෙන් ද ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක පරාජයක් ලැබීය.

 

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (චමරි අතපත්තු 24, ශෂිකලා සිරිවර්ධන 12, ප‍්‍රසාදිනී වීරක්කොඩි 48, ඒෂානි ලොකුසූරිය 29, හසිනි පෙරේරා නොදැවී 16, ශබීම් ස්මයිල් 19/2, මර්සියා ලෙට්සොලො 15/2)

දකුණු අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 19.5 කදී කඩුලූ 1 ට 136 (ඞී. වෑන් නිකෙර්ක් නොදැවී 70, ටි‍්‍රෂා චිට්ටි 39, ලිසුල්ලි ලී නොදැවී 22)

 

- 048


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව විස්සයි20 තරගාවලිය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.