සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති පුහුණු එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 108 ක ජයක් ලැබීය.
ලකුණු 298 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 39.2 කදී ලකුණු 189 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලූ පහ ලකුණු 40 කට බි`ඳ වැටීමෙන් ගොඩ ඒමට නොහැකි තත්ත්වයකට පත්විය.
සුරාජ් රන්දීව්, ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 53 ක් රැස් කළේය.
දිනේෂ් චන්දිමාල් පන්දු 54 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 297 ක් රැස් කළේය.
දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු හෂීම් අම්ලා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 79 කදී හතරේ පහර 16 සහ හයේ පහරක් සමගින් ලකුණු 104 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත් විය. මෙහිදී හෂීම් අම්ලා ලකුණු 50 යේ සිට දෙවැනි අර්ධ ශතක පන්දු 25 කදී රැස්කිරීම කැපී පෙනුණි.
නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 27 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ක් ලබා ඉනිම අත්හිටුවීය.
දකුණු අප‍්‍රිකානු පිලේ විස්සයි20 පිටියේ ප‍්‍රවේගකාරි පිතිකරුවකු ලෙස නමක් දිනි සිටින ඬේවිඞ් මිලර් ලකුණු 3 කට දැවී නොයන්නට ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩිවීමට ඉඩ තිබුණි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දකුණතින් වේග පන්දු යවන ළහිරු ගමගේ (36/3) සහ සුරාජ් රන්දීව් (47/3) කඩුලූ තුන බැගින් දවා ගැනීමට සමත් විය.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන තිසර පෙරේරා දැඩි ප‍්‍රහාරයකට ලක්වීම කැපී පෙනෙුණි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළේය.
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 297
(හෂීම් අම්ලා 104, ක්වින්ටින් ඞී කුක් 18, ෆාෆ් ඩූ ස්ලීසිස් 41, ඒ. බී. ඩිවිලියස් 41, ජේ. පී. ඩුමිනි 54, රයන් මැක්ලරින් 20, ළහිරු ගමගේ 36/3, සුරාජ් රන්දීව් 47/3)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 189
(දිනේෂ් චන්දිමාල් 50, ජීවන් මෙන්ඩිස් 11, සුරාජ් රන්දීව් 53, අනුක් ප‍්‍රනාන්දු 21, ළහිරු ගමගේ නොදැවී 11, මොනේ මෙර්කල් 29/3, වේන් පර්නෙල් 15/2, ඒරන් පන්ගිසෝ 9/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.