Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් ඉන්දියාවට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති දකුණු අප්‍රිකාව ඉන් තරග 2 ක් ජයගත් අතර සෙසු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5 කි. පාකිස්තානයට සහ නෙදර්ලන්තයට එරෙහිව ඔවුන්ට තවත් තරග 2 ක් ඉතිරිව තිබේ.

තරග 3 කට සහභාගි වී ඉන් තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ඇති ඉන්දියාව ලබා සිටින ලකුණු සංඛ්‍යාව 4 කි. ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින බංග්ලාදේශයද තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ලකුණු 4 ක් ලබා ඇති නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව ඉන්දියාවට වඩා පියවරක් පසුපසින් සිටියි.

-036


අදහස් (0)

දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.