Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අපි‍්‍රකානු කාන්තාවෝ පළමු එක්දින තරගය දිනති

දකුණු අපි‍්‍රකානු කාන්තාවෝ පළමු එක්දින තරගය දිනති

ශනුක අරවින්ද - 2013 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පොචෙස්ට්රොම්හිදී අද (24) පැවැති පළමු එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබූහ.

ලකුණු 137 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 37.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට දකුණු අප‍්‍රිකානු පිතිකාරියෝ සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල 24 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ තුනක් දැවී ලකුණු 84 ක් ලබා සිටිය ද ලකුණක් තුළ කඩුලූ තුනක් බිඳ වැටීමෙන් ලකුණු 85 කට කඩුලූ 6 ක් බවට පත්වීමෙන් ලකුණු 136 කට සීමා විය.

චමරි අතපත්තු පන්දු 52 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 36 ක් රැස් කිරීමට සමත් වූවාය.

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 41.1 කදී 136
(යශෝධා මෙන්ඩිස් 18, චමරි අතපත්තු 36, ඒෂානි ලොකුසූරිය 17, චන්දිමා ගුණරත්න නොදැවී 13, ඩැනි වෑන් නීකෙර්ක් 25/3)

දකුණු අප‍්‍රිකානු කාන්තා පිල  ඕවර 37.2 කදී කඩුලූ 3 ට 139
(ටි‍්‍රෂා චෙට්ටි 53, මිග්නොන් ඩූ ප‍්‍රීෂ් 35, මරිෂානෙ කාප් නොදැවී 44)

- 048

 


 


අදහස් (1)

දකුණු අපි‍්‍රකානු කාන්තාවෝ පළමු එක්දින තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.