Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ දක්‍ෂිණ රොද්‍රිගු මෙම තරග වාරයේ ලකුණු 1,000 සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලද නියෝජනය කළ දකුණත් පිතිකරු දක්‍ෂිණ මේ වන විට තරග 15 කදී ලකුණු 1,016 ක් රැුස්කිරීමට සමත්ව සිටියි. එයට ශතක 5 ක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වේ.
ත‍්‍රිත්ව විදුහලට එරෙහිව මහනුවරදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී දක්‍ෂිණ නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් ලකුණු 1,000 සම්පූර්ණ කළේය. මෙම තරග වාරයේ ලකුණු 1,000 ක් රැස්කළ පස්වැනි ක‍්‍රීඩකයා බවට දක්‍ෂිණ පත්විය.
මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව රැුස්කළ ලකුණු 132 ක දක්‍ෂිණගේ මෙම තරග වාරයේ හොඳම ඉනිම වේ. ඊට අමතරව මහනුවර ත‍්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 111 ක් සහ නොදැවී ලකුණු 102 ක්, රාජගිරිය ජනාධිපති විදුහලට එරෙහිව නොදැවී ලකුණු 118 ක් සහ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 112 ක් රැුස්කිරීමට ඔහු සමත්ව සිටියි.
දක්‍ෂිත, ශාන්ත පීතර විදුහල් පිලේ කඩුලූ රකින්නා ලෙස ද කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.