Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ වන විට සුපුරුදු රිද්මයට පැමිණීමට අපොහොසත්ව සිටියද, ඔවුන් වෙනුවට දස්කම් අතර සිටින ක්‍රීඩකයන් අදේශ නොකිරීම තුළින් කණ්ඩායම් කළමනාකාරීත්වය ‘දස්කම් බංකුවට සීමා කර ජ්‍යෙෂ්ඨත්වයට තැන දීමේ’ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවට චෝදනා එල්ල වේ.
එළබෙන වසරේදී (2024) පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් දැන් සිටම කණ්ඩායම සූදානම් කරමින් සිටින ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වමින් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට එවීමට තරම් දූරදර්ශී මෙන්ම නිර්භීත වී තිබේ.
කෙසේ වුවත් ඉකුත් දෙසැම්බර් මාසයේදී නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩකයන් දැක්වූ දස්කම් තඹේකට මායිම් නොකරන ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය, ඉකුත් වසරේදී (2022) පැවැති ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලීන්ට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු බලෑණියම කිසිදු වෙනසකින් තොරව ඉන්දීය තරගාවලිය සඳහාද යොදා ගනිමින් සිටියි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අවිෂ්ක ප්‍රනාන්දු (තරග 10 කදී ලකුණු 339) සහ එම තරගාවලියේ වීරයා බවට පත් වූ සධීර සමරවික්‍රම (තරග 9 කදී ලකුණු 294) බංකුවේ රඳවා, තරග 7 කදී ලකුණු 95 ක් රැස්කළ භානුක රාජපක්ෂට සහ තරග 5 කදී ලකුණු 58 ක් රැස්කළ ධනංජය ද සිල්වාට කණ්ඩායමේ ස්ථාන ලබාදීම තුළින් කණ්ඩායම් කළමනාකාරීත්වයේ ඉහත කී ප්‍රතිපත්තිය මනාව පිළිබිඹුවේ.
එල්.පී.එල්. තරගාවලියේදී 37.66 ක සාමාන්‍යයක් සහ 124.63 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගැනීමට අවිෂ්කද, 58.8 ක සාමාන්‍යයක් සහ 131.25 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගැනීමට සධීරද සමත් වෙද්දී, භානුකගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 12.57 ක් සහ ප්‍රහාරාත්මක වේගය 105.55 ක් ලෙසත්, ධනංජයගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 14.5 ක් සහ ප්‍රහාරාත්මක වේගය 116 ක් ලෙසත් සටහන් විය.
ලකුණු අතර නොසිටීම හේතුවෙන් දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කළ තරග 8 න් එක් තරගයකදී භානුක විවේක ගැනීවීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය පියවර ගත්තේය. යාපනය කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග 5 දීම ධනංජයට කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට පවා නොහැකි විය. එහෙත් ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරග දෙකේදීම භානුකට මෙන්ම ධනංජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන හිමිවිය.
ඉන් පළමු තරගයේදී අංක 5 ස්ථානයේ පන්දුවට පහරදුන් භානුක ලකුණු 10 කට දැවී ගිය අතර දෙවැනි තරගයේදී ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමේ අරමුණින් ඔහු අංක 3 ස්ථානය දක්වා උසස්වීමක් ලබාදුන්නද, එහිදී ඔහුගේ ඉනිම ලකුණු 2 කට සීමා විය. පළමු තරගයේදී අංක 3 ස්ථානයේද, දෙවැනි තරගයේදී අංක 5 ස්ථානයේද පන්දුවට පහරදුන් ධනංජයට ලබාගත හැකිවූයේ පිළිවෙලින් ලකුණු 8 ක් සහ 3 ක් පමණි.
භානුක රාජපක්ෂ අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 ජාත්‍යන්තර තරග 10 දී ඉනිම් 9 ක් තුළ ලකුණු 137 ක් පමණක් රැස්කරගෙන ඇති අතර එහි සාමාන්‍යය 15.22 කි. ධනංජය ද සිල්වා අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 ජාත්‍යන්තර තරග 10 දී එක් නොදැවීමක් සමග ලකුණු 188 ක් රැස්කරගෙන ඇත්තේ 20.88 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එහෙත් ඊට ලකුණු නොළබා දැවී ගිය අවස්ථා 2 ක්ද ඇතුළත් වේ.
එල්.පී.එල්. තරගාවලියේදී සහ ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී දැක්වූ පසුබෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම විස්සතර විචාරක රසල් ආනල්ඩ්ද කියා සිටියේ භානුකට සහ ධනංජයට විවේකයක් ලබාදී අවිෂ්ක සහ සධීර කණ්ඩායමට කැඳවිය යුතු බවය. එහෙත් දෙවැනි තරගයේදීද කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුනොවීය.
නායක දසුන් ශානකගේ කැපී පෙනුණ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී වාර්තාගත ජයක් ලැබීය. ජයග්‍රාහී කණ්ඩායමක් වෙනස් නොකරන්නේ යැයි කියන රීතිය අනුගමනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි තරගයට පිවිසෙන්නේ නම් හෙට (7 වැනිදා) තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.
එය එසේ සිදුවුව හොත් එල්.පී.එල්. තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් ඉන්දියාවේදී බංකුවට සහ වතුර ඇදීමට සීමාවනවා පමණක් නොව එල්.පී.එල්. තරගාවලිය හුදෙක් ක්‍රිකට් ආයතනයට ආදායම් ඉපයීම සඳහා පමණක් සංවිධානය කළ තරගාවලියක් බවට පත් වනු ඇතැයිද ඇතැම් ක්‍රිකට් විචාරකයෝ මත පලකර සිටිති.
LARRY Saturday, 07 January 2023 11:41 AM
චන්දිමාල් කොහේද ඉන්නේ?
Reply 0 0
Muditha Saturday, 07 January 2023 03:11 PM
ප්ලාස්ටර් ක්‍රමවේදය...!
Reply 0 0
Krishan Sunday, 08 January 2023 07:53 AM
අනේ ඔව් .. අවිශ්ක තමා ඊයේ 03 වැනි තරඟයේ හොඳටම කරේ....
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.