Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් සිරි පියරතනයට ජය ගෙනෙයි

දිමුත් සිරි පියරතනයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිමුත් සම්පත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පාදුක්ක සිරි පියරතන මහ විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලය අතර මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති “පළමු රන්දම් හටන” වාර්ෂික මහ ක්‍රිකට් තරගයේදී ඉනිමක සහ ලකුණු 68 ක ජයක් හිමිකර ගැනීමට පාදුක්ක සිරි පියරතන මහ විද්‍යාලය අද (30 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් පාදුක්ක සිරි පියරතන මහ විද්‍යාලය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 224 ක් රැස්කිරීමට සමත්විය. සඳරු ශනිල්ක සහ කවිඳු ඉසුවර අර්ධ ශතක රැස්කරමින් පාදුක්ක සිරි පියරතන මහ විද්‍යාලය ලකුණු 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට ඔවුන් සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ රුක්ෂාන් ශානුක ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගනිමින් පාදුක්ක සිරි පියරතන මහ විද්‍යාලය අඩපණ කිරීමට සමත්වූ අතර කුමේෂ් උමිඳු ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.

වමතින් පාදඟ පන්දු යවන ක්‍රීඩක දිමුත් සම්පත් ලකුණු 38 කට කඩුලු 7 ක් දවාගනිමින් හොරණ රාජකීය විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 93 කට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. සඳරු සමින්ත ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් දිමුත් සම්පත්ට අනගි සහයක් ලබාදුන් අතර ලකුණු 31 ක් ලබාගත් රුක්ෂාන් චානක හොරණ රාජකීය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

ලකුණු 131 ක් පසුපසින් සිට පිට පිට සිය දෙවෙනි ඉනිම ඇරඹූ හොරණ රාජකීය විද්‍යාලයට සියලුදෙනා දැවී රැස්කිරීම හැකිවූයේ ලකුණු 63 ක් පමණි. දෙවැනි ඉනිමේදීද විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ දිමුත් සම්පත් ලකුණු 22 කට කඩුලු 8 ක් දවාගනිමින් හොරණ රාජකීය විද්‍යාලය අන්ත අසරණ කර දැමීමට සමත්විය.

ලකුණු 60 කට කඩුලු 15 ක් දවාගත් පාදුක්ක සිරි පියරතන මහ විද්‍යාලයේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගන්නා විට එම විදුහලේම සඳරු ශනිල්ක දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

දක්ෂතම පන්දු යවන්නා ලෙස හොරණ රාජකීය විද්‍යාලයේ රුක්ෂාන් ශානුක සම්මාන දිනාගන්නා විට දක්ෂතම පන්දු රකින්නා ලෙස එම විදුහලේම සහන් දිව්‍යාංජන සම්මාන හිමිකර ගත්තේය.


සිරි පියරතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(සඳරු ශනිල්ක 80, කාවින්ද ඉසුවර 54, රජිත අශාන් 33, දිමුත් සම්පත් 33, රුක්ෂාන් ශානුක 37/5, කුමේෂ් උමිඳු 19/2)

රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 93
(රුක්ෂාන් චානක 31, දිමුත් සම්පත් 38/7, සඳරු සමින්ත 20/2)

රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.3 කදී සියලුදෙනා දැවී ලකුණු 63
(සශාන් තාරක 22, දිමුත් සම්පත් 22/8)

 


අදහස් (0)

දිමුත් සිරි පියරතනයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.