රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තෙවැනි වරටත් සංවිධානය කරන ‘රංජිත් සියඹලාපිටිය’ අභියෝග කුසලාන දිවා රාතී‍්‍ර කි‍්‍රකට් තරගාවලිය මේ මස 20 වැනිදා පස්වරු 5.00 සිට රුවන්වැල්ල මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලාන සමගින් රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
ඊට අමතරව තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සඳහාද කුසලාන සමගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
072 5511001 සහ 071 1907841 යන දුරකතන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.