බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව අද (05) කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්රීඩක දිල්හාර ප්රනාන්දු කැදවීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලසිත් මාලිංග අබාධයට ලක්ව සිටින බැවින් ලෝක කුසලාන තරගාවලියට පෙර පළපුරුදු වේග පන්දු යවන්නකු සූදානමින් තැබිය යුතු නිසා දිල්හාරට මෙම තරගයේදී අවස්ථාවක් දුන් බවයි.
දකුණතින් වේග පන්දු යවන දිල්හාර 2012 වසරේ ජනවාරි මාසයෙන් පසුව එක්දින තරගයකට ක්රීඩා කර නොමැති අතර දිල්හාර මිට පෙරද උඩින් පාත්වීමේ සම්ප්රදාය අනුගත වූ ක්රීඩකයකු ලෙස ප්රසිද්ධික් උසුළයි.
කෙසේ වෙතත් ඒස්.එස්.සී. පිටියේ අද පෙරවරුවේදී පැවති තෙතබරිත තත්ත්වය නිසා දහවල් 12.00 වන තුරුත් තරගය ආරම්භ වී නොතිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.